Friday, May 22, 2020

කොටස් අංක 05 - 12 ශ්‍රේණිය , රස භාව සංකල්ප.

12 ශ්‍රේණිය

 

                                         රස භාව සංකල්පය

 

  රසය යනු කුමක්ද?

 

              රසය විවිධයපුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන සුලු එක් පුද්ගලයෙකුට රසවත් වන දෙයක් තවත් පුද්ගලයෙකුට රසවත් නොවිය හැකිය. "සොබාදහම මඟින් හෝ මිනිසා විසින් හෝ නිර්මාණය කරණු ලැබුවා වූ සෞන්දර්යාත්මක වස්තූන්සංසිද්ධීන් හා කලා කෘති කෙරෙහිපුද්ගලයෙකුගේ පංචේන්ද්‍රියන් සංවේදී වීම කරණ කොට ගෙනඔහුගේ හෝ ඇයගේ මනසෙහි ඇති වන ආස්වාදජනක මනෝ භාවයන් මඟින් ඇති කරනු ලබන්නා වූ හැඟීම් සමූහය අපි රසයක් නැතහොත් රස විඳීමක් ලෙස හඳුන්වමු". ලෙස ඥානසිරි පීරිස් මහතා සඳහන් කර තිබේඑනම් රසයක් යනු හුදු චිත්තවේගී තත්වයකි.

 

                   අප අවට පරිසරයේ ඉරහඳගංගා, ඇළදොළ ආදී සොබාදහමේ නිර්මාණ සේම යාන වාහන,නිවාසවැව් අමුණුවිසිතුරු නිර්මාණ ආදී මිනිසා විසින් කරන ලද නිර්මාණ  දක්නට තිබේමෙම මිනිසා විසින් කරන ලද නිර්මාණ "නිර්මිත සෞන්දර්ලෙස හඳුන්වයිඑම නිර්මිත සෞන්දර් තුල මිනිසාගෙ පරිහරණයට නිර්මාණය කරන ලද ඉහත සඳහන් ආකාරයේ නිර්මාණයන් සේම නර්තන,සංගීත,නාට්‍යචිත්‍රමූර්තිසාහිත්‍ය ආදී රස වින්දනය උදෙසා කරන ලද නිර්මාණයන්ද තිබේ.  එවැනි නිර්මාණ අපි "කලා කෘතිලෙස හඳුන්වමු.

 

                  සොබාදහමේ සෞන්දර්යාත්මක් නිර්මාණයන්ගෙන් සේම මානව නිර්මිත සෞන්දර්යෙන්ද පුද්ගලයෙකුට රසයක්වින්දනයක් ලබා ගත හැකඑහෙත්  ලබන්නා වූ රසයවින්දනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේඔබත් මමත් ප්‍රිය කරන දේවල් එකිනෙකට වෙනස් වේ.‍එකම දෙයක් තුලින් ඔබ අප සියල්ලන්ටම එකම ආකාරයේඑකම මට්ටමක රසයක් වින්දනය කළ නොහැකරස වින්දන කාර්යයේ පවත්නා මෙකී ගැටලුව නිසා ඇතැම් අයට උසස් රසවින්දනයක් ඇතැයි ඇතැම් අයට පහත් රසවින්දනයක් ඇතැයි සමාජය තුල පිළිගැනීමක් ගොඩනැඟී ඇතකිසියම් කලා කෘතියක් පොදු ජනයා අතර අතිශයින් ජනප්‍රිය වූ පමණින් එය උසස් කලා කෘතියක් ලෙස සැලකිය නොහැකියමන්ද යත් එකී කලා කෘතිය ජනයා අතර ජනප්‍රිය වීමට එහි අන්තර්ගතයේ වෙනත් සුවිශේෂ හේතුවක් හෝ සමකාලීන සාධකයක් පැවතිය හැකියඋදාහරණයක් ලෙස චිත්‍රපටයක් නම් එහි ප්‍රධාන චරිතය රඟපාන නළුවා හෝ නිළියගේ ජනප්‍රියත්වය එම චිත්‍රපටයේ ජනප්‍රියත්වයට හේතුවක් විය හැකියනමුත් එපමණකින් එය සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් යැයි සම්මාන දිය යුතු නොවේ.එසේ හෙයින් ජනප්‍රියත්වය මත කලා කෘතියක සාර්ථක අසාර්ථක බව නිගමනය කළ නොහැකිය.  

 

භරතමුනිගේ රස සිද්ධාන්තය

 

                  ක්‍රි.පූ 01 වන සියවසේදී ඉන්දියාවේ විසූ භරතමුනි විසින් සම්පාදනය කළ නාට්‍ය ශාස්ත්‍රය  නැමැති ග්‍රන්ථයේ  නාට්‍ය  මුල් කරගෙන විචාර සංකල්පයක් විස්තර කරන් ලද්දේ රස පිළිබඳ අදහස් භරතමුනි අමුතුවෙන් පහල කරන්නක් නොවඊට පෙර සිටම පැවත එන්නකිඑසේ වුව  එය නාට්‍ය විශයෙහි ශාස්ත්‍රීය පදනමකින් ඉදිරිපත් කරේ භරතමුනිවරයායනාට්‍ය ශාස්ත්‍රයේ සඳහන් සංග්‍රහත එකම විශය රස සංකල්පය නොවේඑහි 6 හා 7 වැනි අදියර වෙන් වී ඇත්තේ රස සංකල්පය විස්තර කිරීම සඳහාය.

 

                 එහිදී විශේෂ අවධානය යොමු වන්නේප්‍රේක්ෂකයන්  තුල ආශ්වාදයක් හට ගන්නා ආකාරය ආශ්වාදයේ ස්වභාවය වැනි කරුණු වෙතයිරසය උපදින්නේ භාව මඟිනිරස නිශ්පත්තිය සම්භන්ධයෙන් නාට්‍ය ශාස්ත්‍රයේ එන සුප්‍රකට රස සූත්‍රය  නම්,

 

                                  " විභාවානුභාව ව්යාභිචාරී සංයෝගාත්

                                      රස නිශ්පත්තිඃ "                    

                                                                              යනුවෙනිමින් කියවෙන්නේවිභාවඅනුභාව, ව්‍යභිචාරී   භාව යන භාවයන්ගේ සංයෝගයෙන් රස උපදින බවයි. "රස යනු කවර පදාර්තයක්දැයි යන ප්‍රශ්නයට පිළිතුරු සපයන භරතමුනිවරයා පවසන්නේ "රසයට  නම භාවිත කරන්නේ ආස්වාදය කිරීමට සුදුසු වන නිසායයනුවෙනි.

 

විභාව         

ඉහත විභාව වූ කලී ආලම්භන විභාව හා උද්ධීපන විභාව වශයෙන් දෙආකාරයකිනිද්‍රෝපගත භාවය ක්‍රියාකාරී කිරීමේ වගකීම පැවරෙන්නේ ආලම්භන විභාව නොහොත් මූලික ප්‍රභෝධකයනම් වස්තුව මතයඑනම් යම් භාවයක් ඉපදීමේ අරමුණ හෙවත් පාත්‍ර ජනයාගේ සිතේ ඇති වෙන හැගීම්ය.

 

නිදසුන් : "රතීනම් ස්ථායි භාවයේ ආදරය නම් වූ ස්ථාවර භාවය සඳහා ආලම්භන විභාවය වන්නේ ආදරවන්තියිඇය ආදරය නම් වන භාවය උද්දීපනය කිරීමෙහිලා මූලික වශයෙන් උපස්ථම්භක වන්නේයවසන්ත සමයසඳ එලිය සහිත රැයමඳනලමල් සුවඳ යන මේවා උද්ධීපන විභාව වේඊට හේතුව වන්නේ ආදරවන්තය තුල ආදරවන්තිය කෙරෙහි හැඟීම් පිබිදවීමට මේවා හේතු කාරක වන බැවිනි.

 

අනුභාව

අනුභාව යනුවෙන් හැඳින්වෙන්නේ නාට්‍යයකනර්තනාංගයකචලන,ඉරියව්,රංග වස්ත්‍රාභරණවචන...වැනි නානා විධ විලාශ තුළින් දක්වන හැඟීම් ප්‍රකාශනය යිඒවා ප්‍රේක්ෂකයන් නරඹා එහි අර්ථය අනුභව කිරීම මඟින් රසවිඳීම කෙරෙන නිසා ඊට අනුභාව යන වචනය ව්‍යවහාර  කෙරේ.

 

උදා : දහදිය ගැලීමවර්ණ විපර්යාසයරෝමෝද්ගමනයවෙව්ලීම,කඳුලු ගැලීමක්ලාන්ත වීම......

 

ව්‍යාභිචාරී භාව

ව්යාභිචාරී භාව නම් සිතෙහි හට ගන්නා ප්‍රධාන හැඟීම් සමඟ පවතින්නා වූ ඊට උපකාරී වන්නා වූ අප්‍9රධාන පරිවාර භාවය යි. ප්‍රධාන භාවවලට දෙවෙනි වූ උපභාව විශේෂයක් වන ව්‍යාභිචාරී භාව ස්ථිරව නොපවතී.වෙනස් වන සුළු ඇති වෙමින් නැති වෙමින් පවතියිස්ථායි භාව ප්‍රකට කිරීම සඳහා උපකාර වන ව්‍යාභිචාරී භාව තිස්තුනක් ඇත.

උදා : රතිය නැමැති ස්ථායි භාවය පවතිද්දී  ආශාව,කැමැත්ත ඇති වී එකී ස්ථායී භාවය ප්‍රකට කර්මින් ශෘංගාරාත්මක අවස්ථාවට ගෙන යයි.

 විභාවඅනුභාවව්යාභිචාරී භාව යන මේ සංයෝගයන් රස බවට පත් වේ.

 

                 මිනිස් චින්ත සන්තානයේ ඇති වන හැඟීම්වල පවත්නා ආස්වාදනීය තත්වය රසය යියම් කලා කෘතියක් නරඹන හෝ කියවන සහෘදයා තුළ කිසියම් හැඟීමක් ඉස්මතු වේ නම් එම හැඟීම ප්‍රේක්ෂකයාගේ  හෝ සහෘදයාගේ ආනන්දයට සාධක වූ විට එය රසය යැයි පිළිගැන්නේ.

 

              භරතමුනිවරයා විසින් රචිත නාට්‍ය  ශාස්ත්‍රය  නම් ග්‍රන්ථයේ රසයට මුල් වන භාව අටක් දක්වා ඇතපසුව නන්දිකේශ්වරයන්ගේ අභිනය දර්පන නම් ග්‍රන්ථයෙන්  ශාන්ත භාවය හඳුන්වා දී ඇති අතර අද්‍යතනයේ නවනළු රසය ලෙස දක්වනුයේ මෙකී භාවයන්ගෙන් හටගන්නා රස නවයයි.

 

         " ශෘංගාර හාස්‍ය  කරුණා - රෞද්‍ර වීර භයානකා

           භීභත්ස්‍ය  භූත ශාන්තක්‍යා  - රසා නව සමිරීතා "

 

 

නව නළු රසය


1.ශෘංගාර රසය

  රතී නම් සථායී භාවය ප්‍රභවය  කොට ගන්නේ ශෘංගාර රසය යිශෘංගාරය බොහෝවිට ස්ත්‍රී පුරුශයන් අතර පවත්නා ප්‍රබෝධයසම්බන්ධයකැමැත්ත මත සිදු වන හෙයින් ශෘංගාරය දෙ ආකාර ලෙස පැරණ අලංකාරකයෙක් දක්වා ඇත.

       1.1 සම්භෝග ශෘංගාරය

       1.2 විප්රලම්භ ශෘංගාරය

 

1.1 සම්බෝග ශෘංගාරය

          ස්ථායී භාව අවදි කිරීමට නැතිනම් ඇති කිරීමට බලපාන අරමුණට මූලික වන වස්තුව(ආලම්භනයහා එම වස්තුව ලබා ගැනීමට ආනුභාව මඟින් ලැබෙන (උද්දීපන විභාවයන සියල්ලම මත ස්ථායී භාවය අවදි  (රති නම් භාවයසපුරා වින්දනය කොට ශෘංගාරාත්මක අවස්තාවට ළඟා වූ විට ශෘංගාර රසය මැවේ.එය සම්භෝග ශෘංගාරයයි.

 

1.2 විප්‍රලම්භ ශෘංගාරය

  මෙකී ඉහත තත්වයට ළඟා වීමට නොලැබීමෙන් පුද්ගලයකු තුළ මතු වන්නේ විප්‍රලම්භ ශෘංගාරයයිඑය තුළ දුක්ඛ භාවය  කරුණා රසය  ගැබ්ව ඇත.

 

2. හාස්‍ය රසය

යම් රංගනයක්නර්තනාංගයක් ඉදිරිපත් කිරීමේ දී දක්වන අනුභාව මඟින් ප්‍රේක්ෂකයාට  සිනහ ඉපදේ නම් එය හාස්‍ය රසයෙන් අනූන වූවකි.

 

3. කරුණා රසය

යම් රංගනයක්නර්තනාංගයක් ඉදිරිපත් කිරීමේ දී දක්වන අනුභාව මඟින් ප්‍රේක්ෂකයාගේ සිතෙහි ශෝකාත්මක හැඟීමක් පහල වන්නේ නම් එතැන ඇත්තේ කරුණා රසයයි.

 

4.රෞද්‍ර රසය

යම් රංගනයක්නර්තනාංගයක් ඉදිරිපත් කිරීමේ දී දක්වන අනුභාව මඟින් ප්‍රේක්ෂකයාගේ සිතෙහි සාධාරණ කෝපයක් ඇති රයි නම් එතැන ඇත්තේ රෞද්‍ර රසයයි.

 

5.වීර රසය

 රංගනයක්නර්තනාංගයක් ඉදිරිපත් කිරීමේ දී දක්වන අනුභාව මඟින් ප්‍රේක්ෂකයා තුල ධෛර්යයක්උත්සාහයක් ඇති වන්නේ නම් එය වීර රසයයි.

 

6. භයානක රසය

ප්‍රේක්ෂකයා ශ්‍රවණය වන දර්ශනය වන යමකින් සිතෙහි බියක් හට ගනී නම්  භයානක රසයයි.

 

7.   භීභත්ස්‍ය  රසය

මෙය දෙයාකාර වේ

    7.1 දර්ශන  භීභත්ස්‍ය  - ඇසින් දැකීමට අකමැත්තක් දක්වන දර්ශන මඟින් සිතෙහි පිළිකුල ඇතිවන්නේ නම් එය දර්ශන භීභත්ස්‍යයයි 

   7.2 ශ්‍රවණ   භීභත්ස්‍ය  යමක් කනට ඇසෙන විට පිළිකුල් සහගත හැඟීමක් මතු වනුයේ නම් එය ශ්‍රවණ භීභත්ස්‍යයයි 

 

8. අද්භූත රසය

 රංගනයක්නර්තනාංගයක් ඉදිරිපත් කිරීමේ දී දක්වන අනුභාව මඟින් ප්‍රේක්ෂකයා තුල පුදුමයත්විස්මයත් ඇති කරවන්නේ නමේ  අද්භූත රසයයි.

 

9. ශාන්ත රසය

අනුභාවයක් දැකීමෙන් සිතෙහි ශාන්තමය ස්වභාවයක් ඇති වීම මෙහි ලක්ෂණය වේසමාධි ප්‍රතිමාව  දුටු විට අප තුල ඇති වන්නේ ශාන්ත රසයයි.

 

         භාවයෙන් තොර රසයක් හෝ රසයෙන් තොර භාවයක් නූපදින බව භරත මුනිවරයා නාට්‍ය  ශාස්ත්‍රයේ  දක්වා ඇත.

 

 

No comments:

Post a Comment