Saturday, May 30, 2020

කොටස් අංක 10 - දෙවොල් මඩු යාගයේ සැරසිළි හා අලංකරණ







දෙවොල් මඩු යාගයේ සැරසිළි හා අලංකරණ 
         
           දෙවොල් මඩුව වූ කලී නර්තන , ගායන, වාදන, සැරසිළි ආදියෙන් සමලංකෘත වූවකි. මෙහි විචිත්‍ර භාවයෙහිලා සැරසිලි අලංකරණ විශේෂයෙන් වැදගත් වේ. දෙවොල් මඩුවේ සැරසිලි අලංකරණයෙන් වර්ණ, රේඛා, හැඩතලයන්ගෙන් මතු කරන කලාත්මක ලක්ෂණයන්ගෙන් භාවාත්මක වින්දනයක් හට ගනී. මෙය ආතුර මනස සුවපත් කිරීමෙහිලා මූලික වේ. මෙහි දැක්වෙන සැරසිලි අංගයන්ගෙන් වර්ණ මඟින් වර්ණ චිකිත්සාව ද, දර්ශන අංගයන්ගෙන් දර්ශන චිකිත්සාව ද සිදු වේ. මේ අනුව මෙම සැරසිලි අලංකරණ පුද්ගලයාගේ කායික, මානසික නිරෝගී භාවයට ප්‍රභල ලෙස ඉවහල් වන බව පැහැදිලිය. 

දෙවොල් මඩුවේ සැරසිලි අලංකරණ ලෙස,
  1.මඩු සැරසිලි 
  2. වියන් සැරසිලි
  3. පත්තිනි තොරණ හෙවත් මකර තොරණ 
  4. කප් ගස සැරසිලි
  5. අටමඟල සැරසිලි
  6. මල් යහන් සැරසිලි
  7. මල් බුලත් පුටුව සැරසිලි
  8. බිසෝ කප සැරසිලි
  9. කාල පන්දම් ගස සැරසිලි
  10. ගරා අයිලය
  11. ගරා පිදේනිය
  12. ඔරුමාල පිදේනිය 

               මෙම සැරසිලි සඳහා පරිසර ආශ්‍රිත හා පරිසර හිතකාමී ද්‍රව්‍ය යොදා ගනී. දැව දඬු, වැල් පට්ටා, කෙසෙල් පතුරු, ගොක්කොළ, පොල් කොළ, පොල් මල්, තැඹිලි මල්, පුවක් මල්, පස් වලු(තැඹිලි, පොල්, තවසි, කුන්දිරා, කටුපොල්) ආදිය යොදා ගනී. මෙයට පුරුෂයින් පමණක් දායක කර ගනී

මඩු සැරසිලි 
 
 දෙවොල් මඩුවේ ප්‍රධාන සැරසිල්ල දෙවොල් මඩුවයි. මෙය කැසිකිළි, වැසිකිළි, නාන තොට, රදා තොට, සොහොන් පොල ආදියෙන් තොර භූමි භාගයක සකස් කර ගැනේ. බ්‍රහ්ම පාදයෙන් හෝ දේව පාදයෙන් මඩුව සකස් කෙරේ. කප් කණුව මුල් කණුව වන සේ මඩුව සැකසේ. සුභ නැකැත් හෝරාව අනුව මඟුල් බෙර මධ්‍යයේ මඩුව සකසා ගැනේ. දිගින් සැට රියනක් ද, පළලින් තිස් රියනක් ද, උසින් පස් රියනක් ද, උතුරට හෝ නැගෙනහිරට මුහුණ ලා දොරටු ද තබයි. මඩු සැරසිලි සඳහා අඹ, පේර, දිවුල්, බෙලි, නාරං, උක් ගස් ඵල යොදා ගනී. එමෙන්ම තැඹිලි, දෝතළු, කුන්දිරා, කුරුම්බා, පුවක්, ගිංපොල් ආදී වලු වර්ග මඩුවේ කණුවලට බැඳ අලංකාර කර ගනී. නෙළුම්, මානෙල්, ඕලු වැනි මල් මඟින් මඩුව සරසන අතර ගොක්කොළ ආරුක්කු, දොරටු, ගරාදිය, පියකඩ ආදිය තබයි

වියන් සැරසිලි 
   
         වියන් සැරසිලි සඳහා උඩුවියන් බඳවා කොහොඹ, නා, බෝ, නුග ආදී ශාක පත්‍රයන්ගෙන් හා පුවක් මලෙන් වියන සකසා ගනී. කොළ හා කහ වර්ණයෙන් අපූරු කලාත්මක බවක් දිස් වේ.  

මකර තොරණ 
    
       දෙවොල් මඩුවේ සුවිශේෂී සැරසිල්ල මකර තොරණ හෙවත් පත්තිනි තොරණ යි. මෙය පත්තිනි දේවියගේ ආභරණ තැම්පත් කිරීම වස් සකස් කරයි. උතුරට මුහුණලා සකස් කරන අතර සම්මත මිමි ප්‍රමාණ මත සකසා ගනී. මුදුන කොත් 5කි. තොරණ් යාගයේ කවිවලදී පත්තිනි තොරණේ මිමි ප්‍රමාණ ගැන සඳහන් ය. කෙසෙල් පතුරු, ගොක් කොළ, ක්‍රෝටන් කොළ ගැට ගසමින් අලංකාර කර ගන්නා අතර තොරණ ජ්‍යාමිතික හැඩයන්ගෙන් යුක්ත ය. කිඳුරු රූප, පක්ෂි රූප, ඉර හඳ තොරණ අලංකරණය සදහා යොදා ගනී. ස්වභාවික හැඩයන්ට අමුද්‍රව්‍යයන්ට අමතරව වර්ණවත් කඩදාසි, සව් කොළ යොදා ගැනේ.
කාලපන්දම් ගස
     සේරමාන් රජුගේ නැව මුදුනේ පැවති කුඹ ගස සිහිපත් කරමින් කාලපන්දම් ගස සිටුවයි. රියන්11ක් උස පුවක් ගසක් තෝරා සුද්ධ කර එහි මුදුනෙහි විශාල පන්දමක් ගසනු ලැබේ. මෙම කාලපන්දම් ගස ගොක්කොළ, කණවැල් ආධාරයෙන් සිටුවන අතර දේවතෝඩු බැඳ සකසා ගනී.



බිසෝ කප
      
        එදා සේරමාන් රජුගේ බිසව විසින් සිටුවන ලද කප් ගස සිහිපත් කරමින් බිසෝ කප සිටුවයි.  සවියත් සහඟුලක් දිගින් යුතු පවිත්‍ර කරන ලද කෙසෙල් බඩයක කැටයම් කරන ලද ගොක්කොළ ගසා සකසා ගනී.


මල් යහන

      දෙවියන් වෙනුවෙන් විචිත්‍රවත් ලෙස සකසා ගන්නා මල් යහන විශේෂ සැරසිල්ලකි. මෙය තනමත්තක් උසට සිටින සේ සකසා ගනී.ගොක්කොළ, කෙසෙල් පතුරු, හබරල කොළ කැටයමින් අලංකාර කරයි. ආරුක්කු, ගරාදි, පේකඩ, දොරටු, කව්ලු දක්නට ලැබේ. තනිපට ලණුව, දෙපට ලණුව දක්නට ලැබේ.


මල් බුලත් පුටුව

    ශ්‍රියා කාන්තාවගේ නාමයට මල් බුලත් පුටුව සකසා ගැනේ. පුටුව වටේට සුදු රෙද්දක් දමා සකස් කර ගන්නා අතර ගොක්කොළ කැටයමින් අලංකාර කර ගැනේ. හවරියක්, කැඩපතක්, පනාවක් එහි තබයි.

කොටස් අංක 09 - දෙවොල් මඩු ශාන්තිකර්මය



දෙවොල් මඩු ශාන්තිකර්මය

                                   පහතරට නැටුම් සම්ප්‍රදාය හා බැඳුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්තිකර්මය ජනී ජනයාගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මයකි. පහතරට නර්තන සම්ප්‍රදායේ ප්‍රාදේශීය සම්ප්‍රදායක් ලෙස සලකනු ලබන රයිගම් නර්තන සම්ප්‍රදාය හා ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන හෙයින්, එකී නැටුම් සම්ප්‍රදාය ව්‍යාප්ත වී ඇති රයිගම් කෝරළය, සල්පිටි කෝරළය, හේවාගම් කෝරළය, පස්දුන් කෝරළය සහ සියනෑ කෝරළයෙහි මෙකී ශාන්තිකර්මය ව්‍යාප්තව ඇත. මීට අමතරව ගාල්ල, මාතර, ඇල්පිටිය, බෙන්තර, රයිගම වැනි පහතරට ප්‍රදේශවල  දේවාශිර්වාද පතා දෙවොල්මඩු පවත්වනු ලැබේ.

පුරාවෘත්තය (කතා පුවත)
    දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍ය සමයෙහි රජ කල සේරමාන් රජුගේ උයන පාළු කරමින් සිටි එක්තරා ගෝනෙකු මරා දමන ලෙස රජ තෙමේ තම සේවකයන්ට අණ කළේ ය. සේවකයන් විසින් ලුහුබඳිනු ලැබූ ගෝනා උයනේ පොකුණක වැටී මිය ගියේ ය.රජු කෙරෙහි වෛරයෙන් යුතුව මිය ගිය ගෝනා එම පොකුණෙහි ම මැඬියකු වී උපන්නේ ය. මුව දෝවනය සඳහා පොකුණට පැමිණි රජු නෙළුම් මලක් කඩා ආඝ්‍රහණය කරද්දී මලෙහි සැඟවී සිටි මැඬියා රජුගේ නාසය තුලට ඇදී ගියේ ය. මේ හේතුවෙන් රජුට හිස අමාරුවක් සෑදී රෝගාතුර විය. කොතෙකුත් ප්‍රතිකාර කලත් රජුගේ හිසරදය සුව නොවීය. මෙසේ කලක් ගත වන විට රජුට සිහිනයෙන් ඉතා රූමත් කාන්තාවක් පෙනුණි. ඒ බව දැන ගත් පුරෝහිත බමුණන්ගේ අදහස වූයේ, සිහිනෙන් පෙනී ඇත්තේ පත්තිනි දේවතාවිය බවත් ඇගේ සාපයක් රජුට ඇති බවත් ය. එහෙයින් බුද්ධාගම ස්ථාපිත රටකට ගොස් දේවතාවිය වෙනුවෙන් පින් පැමිණ විය යුතු බවත් ය. මීට සුදුසුම රට ලංකාව බව තීරණය කල රජු වත්තලින් දිවයිනට පැමිණ කැලණියට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පිං දී නවගමුවේදී ප්‍රථම දෙවොල් මඩුව කරවූ බවත් එදා පටන් රජුගේ හිසරදය දුරු වූ සේම ලංකාවේ දෙවොල් මඩුව ආරම්භ වූ බවත් පුරාවෘත්තවලින් කියවේ.


දෙවොල්මඩු ශාන්තිකර්මයේ ඇදහිලි සහ විශ්වාස

                මෙහිදී ප්‍රධාන වශයෙන් දේව වන්දනය හා යක්ෂ වන්දනය ප්‍රධාන වේ. තම භව බෝග සම්පත් සශ්‍රීක කරනුයේ දෙවියන් යැයි විශ්වාස කරන ගැමියෝ තම බෝගයන්ගේ අග්‍ර ඵලය දෙවියන්ට පූජා කිරීමෙන් මීලඟ කන්නය වඩාත් සශ්‍රීක වේවා යැයි ප්‍රාර්ථනා කරති.කුඹුරට බැස නෙලා ගන්න මුල්ම කොටස නැතිනම් අක්යාල පේකොට තබා දෙවොල් මඩුවේදී දෙවියන්ට පුදා දෙවියන් සතුටු කරයි. ගම්තුලානෙ මිනිසුන් අතර විරසක ආරවුල් ඇති වීම,නිසි කල වැසි දිය නොලැබී යාම,බවබෝග සම්පත් පාලු වීම, ස්වභාවික විපත් ආපදා ඇති වීම,වසංගත රෝග බෝවීම දෙවියන්ගේ උදහස මත සිදු වෙතැයි විශ්වාස කරන ගැමියන් දෙවියන් කමා කර ගැනීමට, දෙවියන් සතුටු කිරීමට දෙවොල් මඩු නටනු ලබයි. 

             පත්තිනි දේවිය හා දෙවොල් සත් කට්ටුව ප්‍රධාන කොට, විශ්ණ, කතරගම, නා, ගම්භා, දොළහ දෙවියන්, වීරමුණ්ඩ දෙවියන්, මංගර දෙවියන්, වාහල දෙවියන් පුද ලබන අතර යකුන් ලෙස කඩවර යක්ෂයා, දෙවොල් කුරුම්බරයින්, ගරා යක්ෂයා, භූත ප්‍රේත කොටස් පුද ලබයි. පත්තිනි දෙවියන් හ දෙවොල් දෙවියන් වෙනුවෙන් දෙවොල්මඩු ශාන්තිකර්මයේ පත්තිනි භාගය හා දෙවොල් භාගට ලෙස කොටස් දෙකකට වෙන්කර දක්වන්නේ එකී පූජාර්ථය පදනම් කොට ගෙනය.

          ප්‍රධාන කොට පුද ලබන පත්තිනි දේවීය සත් පත්තිනි නමින් ද දොලොස් පත්තිනි නමින් ද හඳුන්වයි. සත් පත්තිනි ලෙස හඳුන්වන්නේ  ඇය දියෙන්, දලෙන්,ගලෙන්, මලෙන්, කුලෙන්, ගින්නෙන්, අඹෙන් යනාදී සත් ආකාරයට උපන් නිසාය. පත්තිනි දේවිය හා බැඳුණු ඇතැම් කවි, සන්න, ශ්ලෝක, ආදියෙහි දැක්වෙන තොරතුරු අනුව පත්තිනි දේවියගේ උපත හා බැඳුණු තවත් අවස්ථා ද ඇත.

         ජලෙනි,දලෙනි,මලෙනි,සළඹ වරෙක               උපන්නා
         ගලෙනි,කුලෙනි,සළුවෙනි එක් වරෙක             උපන්නා
          අඹෙනි,දඹෙනි,නයිකඳුලෙනි වරෙක                 උපන්නා 
          එවැනි තෙදැති පතිනි මෙලක දිවබල                 පෙන්නා
 පත්තිනි දේවියගේ උපත් සංඛ්‍යාව දොළක් බව ඔඅහටහ් කවියෙන් කියැවේ.
            සම්මා සම්බුදු බව පතා
                          රක්ෂා කළේ පතිදහම්
           නම්මා සිත් ගෙන බව බැව්හි දැඩිව දුක්
                            වින්දේ අමා යැයි සිතා
             දැන් මේ අප සැල කළ වදන්
                              නම්මා අසාල පෙමින්
              අම්මා සාමිනි දොළහ පත්තිනි උතුම්
                                මල් යහනින් දිවස් ලා

           මේ ආකාරයට පත්තිනි දේවියගේ උපත් කථා ගණනාවක් ව්‍යවහාරයේ පවතී. එයි වඩාත් ප්‍රචලිතම පුවත ලෙස සැලකෙන්නේ අඹෙන් උපන් කථා පුවතයි. එකී කතා පුවත දෙවොල් මඩුවේ අඹ විදමන නාට්‍යමය අවස්ථාවෙන් නිරූපනය වේ.

         දෙවොල්මඩු ශාන්තිකර්මයත් සමඟ බද්ධ වී පවත්නා අනෙක් දේව සංකල්පය නම් දෙවොල් දේව සංකල්පය යි. දාර්මිශ්ටයන්ට යහපතෙහි පිහිටවන අධර්මිෂ්ඨයන්ට අච්චු කරන රුහුණට තෙද අණසක පතුරවන දෙවි කෙනෙකු ලෙස දෙවොල් දෙවියන් වන්දනාවට පාත්‍ර වේ. දෙවොල් දෙවියන් ද සත්කට්ටුවකි. එනම් හිරු රැස් සාමි, සඳ රැස් සාමි, තෙද රැස් සාමි, ගිනි රැස් සාමි, යස රැස් සාමි, මහා සාමි, දෙවොල් සාමි  යන සත් දෙනාය.
(පත්තිනි දේවියගේ  හා දෙවොල් දෙවියන් ගේ මෙම උපත් කතා පිළිබඳ දීර්ඝ විස්තරයක් පසුව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි)

දෙවොල් මඩු ශාන්තිකර්මයේ පූජා විධි රටාව

 1.අක්යාල වෙන් කිරීම
     අක්යාල යනු අග්‍ර සශ්‍ය යන්නයි. අක්යාල, අකියොලය, අග්‍ර සශ්‍ය, අක්කියාල යන නම්වලින් මෙම චාරිත්‍රය හඳුන්වයි. කෘෂිකාර්මික පරිසරයක වාසය කරන පහතරට වැසියෝ   ස්වකීය භව බෝගයන්ගෙන් අග්‍ර කොටස දෙවියන් වෙනුවෙන් වෙන් කිරීම නැතිනම් නිල කිරීම මෙහිදී සිදු වේ.මෙනිසා ඊලඟ කන්නය වඩාත් සශ්‍රීක වේ යැයි ගැමියන්ගේ විශ්වාසයක් තිබේ. කපා ගන්නා පළමු ගොයම් මිට සුදු පිරුවටයක ඔතා නිවසේ මුදුන් ලීයේ එල්ලා දෙවොල්මඩු පවත්වන කලට එය සහල් බවට පත් කර දේව දානය සකස් කිරීමට පුදනු ලැබේ. මෙම චාරිත්‍රය තුල සාමුහිකත්වය, කෘතගුණ දැක්වීම යන සමාජ සම්බන්ධතාව හා සාරධර්ම ප්‍රකීනමාන වේ.

2.කප් සිටුවීම
    ප්‍රථම පූර්ව චාරිත්‍රය යි.නියමිත දින ගණනක් ඇතුලත දෙවොල් මඩුවක් පවත්වන බවට දෙවියන්ට  ඇප කැප වීම මෙහිදී සිදු වේ. මේ සඳහා ශුභ දිනයක්, ශුභ නැකතක් නැකැති කුලයේ නැකැත්‍ රාළ කෙනෙක්  සකස් කරදෙන අතර ගව මඩු, කැසිකිළි වැසිකිළි, නාන තොට, රදාතොට ආදියෙන් තොර වූ ශුද්ධ භූමියක් තෝරාගෙන කප් සිටුවනු ලැබේ.මඩු භූමියට උතුරු දෙසින් පිහිටි නෑඹුල් කිරි ගසක උතුරු දිගට ගිය අත්තක් රන් කඩුවකින් කපා වෙන් කර ගනී.මෙම කප් ගස කැපීමට හේවිසි හොරණෑ මධ්‍යයේ පෙරහැරෙන් යනු ලබයි. වෙන් කර ගන්නා කප් කණුව සුදු පිරුවටයක  ඔතා උඩුවියන් පාවඩ පිට හේවිසි හොරණෑ මධ්‍යයේ වැඩම කරවයි. වළක් කපා එයට ඇල් වී සත් මිටක් දමා මඟුල් බෙර මධ්‍යයේ කප් කණුව සිටුවයි. කප් ගසේ ස්වස්ථිකය සළකුණු කල පොල් ගෙඩි 2ක්, පොල්මලක් ගැටගසයි. ගොප් කොළවලින් දේවතෝඩු බැඳ සැරසිලි කරයි. ප්‍රධාන කපු පත්තිනි ඉස් සෝදා නා පිරිසිදු වී දෙවියන් වෙනුවෙන් යාතිකා කරයි. මෙහිදී කෙන්ඩි පාලිය, සළු පාලිය, දූප පාලිය, නර්තනය කර කප් ගසට පූජා පවත්වයි. අනතුරුව ගම් වැසියෝ සියලු දෙනා හා එක්ව තම බාරහාරවලට කප් ගසේ පඬුරු ගැට ගසයි. මෙම චාරිත්‍රය තුළින් ඇපවීම පොරොන්දු වීම සාමුහිකත්වය සමාජ සම්බන්ධතා ප්‍රකීනමාන  වේ.

3.රුක් පේ කිරීම
         දෙවොල්මඩුවට අවශ්‍ය ගස් වැල් නිලකිරීම හෙවත් වෙන් කිරීම රුක් පේ කිරීම නම් වේ. නිල කරන ලද වෘක්ෂයක් වටා පවිත්‍ර කොට සතර කොන ගොප් රැහැන් අදී.පසෙකින් මල් පහන් පැලක් තනයි.ප්‍රධාන කපු පත්තිනි ඇතුළු පිරිස නිල කරන ලද වෘක්ෂයන්  වෙත ගොස් පැහැදුන් කඳක් වෘක්ෂයන්ට ඔප්පු කරයි.අනතුරුව දෙවියන් යකුන් වෙනුවෙන් කන්නලව්වක් කර මෙම විමාන අතහැර යන ලෙසට අයැද සිටී.මෙම චාරිත්‍රය රුක් පේ කිරීම නම් වේ.

4.මිල්ල පේ කිරීම
        එදා දෙවොල් දෙවි සත් කට්ටුව ලක් බිමට ගොඩබසින තැනේදී පත්තිනිය විසින් අසළ වූ මිල්ල කැළෑවට ගිනි තබන ලද බවත් එම ගිනි මැඩගෙන දෙවොල් දෙවියන් මෙරටට පැමිණි ආකාරයත් සංකේතවත් කිරීමට ගිණි පෑගීම සිදු කරයි. ඒ සඳහා අවශ්‍ය දර සපයා ගැනීමට මිල්ල කැපීමේ චාරිත්‍රය සිදු කරයි. පංචතූර්ය වාදන මධ්‍යයේ මිල්ල ගස වෙත යන කපුපත්තිනිවරු මිල්ල ගසට පැහිදුන් කඳක් ඔප්පු කර අතු කැබැල්ලක් කපා ගනී.එය සුදු පිරුවටයක ඔතා උඩුවියන් පාවඩ මධ්‍යයේ මඩු භූමියට වැඩම කරවයි.මිල්ල අතු කැබැල්ල පත්තිනි තොරණේ තැම්පත් කර තබා ගිනි මැලය දල්වන කල්හි එයට දමනු ලැබේ.මෙම චාරිත්‍රය මිල්ල කැපීම ලෙසද හඳුන්වයි.

5.තොට පේ කිරීම(තොට මෙට යාම)
          යාගය සඳහා අවශ්‍ය කරන ජලස්ථාන ගොප් රැහැන් ඇද වෙන් කර ගැනීම නැතිනම් නිල කර ගැනීමයි.තොට පේ කිරීමේදී භූමි දෙවියන්ට, පොළෝ මහී කාන්තාවට, බහිරව දෙවියන්ට පුද පූජා පවත්වයි. යාගය පවත්වන දින සියලු කපු පත්තිනිවරුන් දිය කළගෙඩි රැගෙන ජලස්ථානය වෙත ගොස් මල් පහන් දල්වා දෙවියන්ට නමස්කාර කර මුලින්ම ගන්නා නොඉඳුල් ජලයෙන් කළගෙඩි පුරවා ගනී. අනතුරුව අඳුන් සඳුන් දෙහි උලා පවිත්‍ර වේ.ඉන්පසු උඩුවියන් පාවඩ මධ්‍යයේ දිය කලගෙඩි ගෙනැවිත් පත්තිනි තොරණ ඉදිරිපිට තැන්පත් කරයි.මෙම බොළපැන් දෙවියන් නානුමුර කිරීමට, අඩුක්කු සැකසීමට, කහ දියර සකස් කිරීමට යොදා ගැනේ.

6.ඔරුමාල පිදේනිය ඔප්පු කිරීම
           පතිනියගෙ උත්පත්තිය හා සම්බන්ධ වඳුරුමාල කතාව මෙයට සම්බන්ධ වේ. පත්තිනියගේ නාමයට ඔරුමාල පිදේනිය ඔප්පු කරයි. අලුත් නෑඹිලියකට රතු කැකුළු බත්, හත් මාළිව, පලතුරු ආදිය දමා විලක්කු තුනක් ගසා ප්‍රධාන කපු ඔඅත්තිනි විසින් ජලස්ථානට පා කර හරී. නොඑසේනම් කණුවක් සිටුව එහි තැන්පත් කරයි. මෙසේ ඔරුමාල පිදේනිය ඔප්පු කිරීමෙන් සියලු ෆ්‍රෝග දුරුවන බව විශ්වාස කෙරේ.

7.මඩු පේ කිරීම
            දිගින් සැට රියනක් ද, පළලින් තිස් රියනක් ද, උසින් පස් රියනක් ද සහිත මඩුවක් සකස් කෙරේ. බ්‍රහ්ම පාදයෙන් හෝ දේව පාදයෙන් මඩුව සකසන අතර උතුරට හෝ නැගෙනහිරට දොරටුව තබයි. වියන් සැරසිළි, ගොප් සැරසිළි ආදියෙන් මඩුව සැරසීමෙන් පසු මඩුව පේ කර ගනී.මෙහිදී පොලෝ මහී කන්තාවට, භූම දෙවියන්ට, බහිරවයින්ට පුද පූජා පවත්වයි. කෙණ්ඩි පාලිය, දූප පාලිය නටා පැන් ඉස සුවඳ දුමෙන් මඩුව සුවඳවත් කරයි.අනතුරුව දොරටු ආරක්ෂක නූල් දමා සිර කරනුලැබේ.මෙම චාරිත්‍රය මඩු පේ කිරීම නම් වේ

8.වේරන් වැඩමවීම(දෙවියන් වැඩමවීම)
             ගමේ දේවාලයේ සිට දෙවියන්ගේ මුර ආයුධ, ආභරණ මඩු භූමිය වෙත වැඩමවීමයි. ප්‍රධාන කපු පත්තිනිය ඇතුළු පිරිස දේවාලයට ගොස් නානු මුට්ටයකින් දේවාභරණ නානුමුර කරයි. අනතුරුව දෙවියන්ගේ ආභරණ හෙප්පුවක දමා උඩු වියන් පාවඩ පිට ඉතා ගෞරව සම්ප්‍රයුක්ව මඩු භූමිය වෙත වැඩම කෙරේ.

ශාන්තිකර්මය දිනයේ කරන චාරිත්‍ර වාරිත්‍ර 

1.බිසෝ කප සිටුවීම
       එදා සේරමාන් රජු ඇතුළු පිරිස නැව් නැඟ මෙරටට පැමිණෙන කල්හි බිසව විසින් රන් රිදී මුතු මැණිකෙන් සරසන ලද කප් ගසක් සිටුවන ලදී. එය බිසෝ කප නම් බේ. රජුගේ සිරස් රෝගය සුව වුව හොත් රජුගේ හිසේ ප්‍රමාණයට රන් අඹයක් පුදන බවට බිසව විසින් භාර වන ලදී. මෙම සිදු වීම සිහිපත් කිරීමට අදත් දෙවොල් මඩුවේ බිසෝ කප සිටුවයි. සවියත් සාඟුලක් දිගින් යුත් කෙසෙල් බඩයක් පවිත්‍ර කර විචිත්‍රවත්  ලෙස සකසා  ගොප්කොල කැටයමින් අලංකාර කරයි. මුදුනෙහි පොල් මලක් ගසනු ලැබේ. මෙම කප් ගස දෑතට ගෙන බිසෝ කප උපත් ගයා ආතුරයාට  සෙත් ශාන්ති කරයි. අනතුරුව බිසෝ කප මඩු භූමියේ සිටුවනු ලැබේ. බිසෝ කප වූ කලී සරල වූ විචිත්‍රවත් සැරසිල්ලකි. මෙය ආතුරයාට භාවත්මක වින්දනයක් ඇති කරවීමට සමත් වේ. 



2.කාලපන්දම් පූජාව
          සේරමාන් කතා පුවතට අනුව සේරමාන් රජුගේ නැවේ කුඹ ගස මුදුනෙහි මැණකක් වූ බවත් එහි ආලෝකයෙන් සියලු රෝග සුව වන බවටත් පුරාවෘත්තයේ සඳහන්වේ. ඒ අනුව රෝග දුරු කරවා සෙත් ශාන්තිට ආශිර්වාදය අපේක්ෂාවෙන් කාල පන්දම් පූජාව සිදු කරයි. මෙහිදී රියන් 11ක් උස පුවක් ගසක් තෝරා එය සුද්ද කර මුදුනේ පන්දමක් ගැට ගසයි. අනතුරුව ගොප් කොල දේව තෝඩු බැඳ කාල පන්දම් ගස සරසයි. පසුව ගොප් කොළ කනවැල් ආධාරයෙන් කාල පන්දම් ගස ඔසවනු ලැබේ. එහිදී අසූ කාලයක් ආලෝකය පවතීවා යැයි සියලු රෝග දුරු වේවා යැයි ප්‍රාර්ථනා කරයි. මෙම අවස්ථාවේ ගැමියන් විසින් ස්වකීය භාරහාර උදෙසා පඬුරු ගැට ගැසීම සිදු කරයි.

දෙවොල් මඩු යාගයේ නර්තන අංග

1.යහන් දැක්ම
           දෙවොල් මඩු යාගයේ ඇදහිලි විශ්වාස හා සබැඳි සුවිශේෂ නර්තන අංගයක් ලෙස යහන්දැක්ම හැඳින්විය හැකිය. දෙවොල් මඩුවේ පුද ලබන සෑම දේව කොට්ඨාසයකටම යහන, පත්තිනි තොරණට වඩිනා ලෙස ආරාධනා කරමින් යහන්දැක්ම නර්තනය කෙරේ. මාතර සම්ප්‍රදායේ යහන් දැක්ම භාවිතයේ නොමැති වුව ද බෙන්තර හා රයිගම් සම්ප්‍රදායේ යහන් දැක්ම සුවිශේෂ කොට නර්තනය කරයි. සුදු අත් දිග බැනියම්, සුදු සේල ඇද ඉන පච්ච වඩමකින් වෙලනු ලැබේ. හිසට සුදු ලේන්සුවක් ගැට ගසයි. බෙන්තර සම්ප්‍රදායේ පපුවට සුවිශේෂී ආභරණයක් පළඳිනු ලැබේ. දෙවියන්ගේ නාමයට ආශිර්වාද කවි ගායනා කොට යහන් දැක්ම පුරනු ලැබේ. සියලු කපු පත්තිනිවරුන් ද සියලු බෙර වාදක ශිල්පීන් ද මෙම අවස්ථාවට සහභාගී වේ. භක්තිමත් විලාසයෙන් වැඳුම් අත් සහිතව නර්තනයේ යෙදේ. විලම්භ, මධ්‍ය, දෘත යන ලය මානයන්ට අනුව නර්තනය ඉදිරිපත් කරන අතර සෑම ලය මානයකටම වැඳුම් අතක් නර්තනය කරයි. අලංකාර ගමන් මාත්‍රා සහිත නර්තනයකි. අවසානයේ යහනට වැඳ නර්තනය හමාර කරයි.



2.තොරණ් යාගය
            ගායනය සහිත නර්තනාංගයන්කි. සේරමාන් රජු හට රන් රිදී මුතු මැණිකෙන් සරසවා සකස් කරන ලද තොරණ සිහිපත් කරමින් දෙවොල් මඩුවේ තොරණක් ඉදි කරයි. මෙම තොරණ මකර තොරණ, පත්තිනි තොරණ, පත්තිනි මාලිගාව ආදී නම්වලින් ව්‍යවහාර කරයි. මෙසේ මුදුන් කොත් 5ක් සහිතව සකස් කරන විචිත්‍රවත් වූ මකර තිරණ පිළිබඳ විස්තරයක් තොරන් යාගයෙන් ඉදිරිපත් කෙරේ. විවිධ කවි ගායනා කරමින් අදාළ තිත් රූප අනුව අලංකාර පද මෝසම් පද නර්තනය කරයි. අවසානයේ තොරණට වැඳ නමස්කාර කර කඩතුරා කවි කියා කඩතුරාව ඉවත් කරයි. විචිත්‍රවත් අලංකාර මාත්‍රා මෙහි කැපී පෙනේ.

3.තෙල්මෙ නැටීම
         තෙල්මේ යනු තෙල් සහ මල් යන්නයි. දොළහ දෙවියන්ට තෙල් හා මල් පූජා කිරීමෙ අභිලාෂයෙන් තෙල්මෙ නර්තනය කරයි. දොළහ දෙවියන්ගේ ඇඳුම් කට්ටලය ලෙස සැලකෙන තෙල්මෙ ඇඳුමෙන් සැරසී කපු පත්තිනිවරුන් 7 දෙනෙකු විසින් තෙල්මෙ නර්තනය කරයි. මෙහිදී බෙර වාදකයෝ මඟුල් බෙර වයයි. නර්තකයෝ මඟුල් බෙර අවසානයේ තෙල්මෙ නැටුම ආරම්භ කරයි. ශාස්ත්‍රීය නැටුමක් වූ මෙහි දී නේරංගම හා තෙල්මෙ පද හතක් නටනු ලැබේ. මෙහිදී තෙල්මෙ තටුව රඟ බිමේ මැද තබා නළුවත් එය වටේට නටන සිරිතක් ඇත.සෑම තෙල්මෙ පදයක්ම විලම්භ, මධ්‍ය, ධෘත ලයට නර්තනය කරන අතර මෝසම් පද අලංකාර පද නටා රංගනය කරයි. බර කඩිනම් මෝසම් පද නර්තනය කරන අතර ගමන් මාත්‍ර මඟින් නර්තනයේ විචිත්‍ර භාවය ප්‍රදර්ශනය කරයි. ශිල්පීන් ස්වකීය ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරනු වස් මාලක්කම්, බඹර වළල්ල, පතා විස්ස, කෙටෙල කැපීම යන ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරයි. නර්තනය තාණ්ඩව ස්වරූපයක් ගන්නා අතර තේජවන්ත භාවයක් නර්තනයෙන් ප්‍රදර්ශනය වේ.



4.වාහල නැටීම
         මෙය වාහල දෙවියන්ට පූජා පිණිස කෙරෙන නර්තනකි. ප්‍රධාන කපු පත්තිනි හෝ ජ්‍යෙෂ්ඨ ශිපියෙකු සම්බන්ධ වේ. මෙය වරමකින් සිදු කෙරෙන්නක් බව ඇදුරන්ගේ මතයයි. දුම්මලවලට මතුරා වරම් ගන්නා ශිල්පියා පේ කරන ලද පොල් ගස්වලින් කපා ගත් පොල් මල් සුවඳ දුම් අල්ලා දෑතට ගෙන වාහල පද හතක් නටනු ලැබේ. නර්තනය අවසානයේ මල වේගවත්ව පරල වූ විලාශයෙන් හිසේ ගසා සුනු විසුණු කරයි.පොල් මල් 7ක් හිසේ ගසා ගැනීමෙන් ඉතුරු වූ හනස්ස කප් ගසට තබා බැද තබයි.




5.පත්තිනි නැටීම
          දෙවොල් මඩුවේදී සශ්‍රීකත්ව, සෞභාග්‍යය, වර්ශාව, රෝග නිවාරණය අපේක්ෂාවෙන් සෙත ශාන්තිය අපේක්ෂාවෙන් පත්තිනි නටනු ලැබේ. මේ සඳහා ප්‍රධාන කපු පත්තිනි සම්බන්ධ වන අතර සත් දිනක් පේ වීම සම්ප්‍රදායික පිළිවෙතයි. පත්තිනි නැටීමට පෙර ජීවමාන පත්තිනය ලෙස සමාරෝපය වේ. පත්තිනි කවි ගායනා කරමින් උඩුවියන් පාවඩ මධ්‍යයේ ලාලිත්‍යවත් ගමනින් පැමිණ ශෘංගාරාත්මක භාව චලන ඉදිරිපත්  කරමින් පත්තිනි නර්තනය සබයේ රඟ දෙයි. මෙහිදී පත්තිනි පද 7ක්, සුරල් පද 7ක්, කරඬු පද 7ක් නර්තනය කරයි.අවසානයේ පත්තිනි තොරණට වැඳ හළං සළු කරකවා සෙත් ශාන්ති කර සැමට ආශිර්වාද කරයි.

උඩින් සළුව සලන්      පතිනි
බිමින් සළුව සලන්      පතිනි
වටතිර සළු සලන්       පතිනි
ආතුර දොස් හරින්      පතිනි






6.දෙවොල් නර්තනය 
          මෙය දෙවොල් දෙවියන් ලංකාවට ගොඩ බැසීම නාට්‍යාකාරයෙන් රඟ දැක්වීමකි. බුදුන්ට දන් කඨිනයක් පුදා දේවත්වය ප්‍රාර්ථනා කල දෙවොල් දෙවි සත් කට්ටුව එදා පත්තිනිය විසින් මවනලද ගිණි වැට සිසිල් කර සීනිගමට ගොඩ බසින ලදී. එතැන් පටන් සීනිගම මහ දෙවොලේ පුද ලබන මහා දෙවියෝ මුළු රුහුණටම තෙද අණසක පාති. සීනිග මහා දේවාලයේ විරාජමාන වන දෙවොල් දෙවි සත් කට්ටුව යහපත් මිනිසුන්ට යහපත ද, අයහපත් මිනිසුන්ට අයහපත ද උදා කර දෙන දෙවි කෙනෙකි. දෙවොල් දෙවියන්ගේ සෙත් ශාන්තිය පතා දෙවොල් මඩුවේ දෙවොල් නර්තනය සිදු කරයි.මෙයට  දෙවොල් ඇඳුමෙන් සැරසුණු ශිල්පීන් 7 දෙනෙකු සහභාගී වේ. රංග වස්ත්‍රාභරණ සඳහා ජ්‍යාමිතික හැඩතල යොදා ගැනෙන අතර ත්‍රිකෝණාකාර හැඩතල බහුලව යොදා ගනී. දෙවොල් නර්තනය අතරතුර සිදු කෙරෙන දෙවොල් ගොඩ බැසීම නාට්‍යමය ස්වරූපයක් ගනී. දෙවොල් දෙවි සත් කට්ටුව ලක්දිවට ගොඩබට ආකාරය එමඟින් නිරූපනය කෙරේ.  අනතුරුව දෙවොල් පද පුරනු ලැබේ. එහිදී දෙවොල් පද 7ක්, සුරල් 7ක්, කාඟුල් වට්ටම් නටනු ලැබේ. සෑම දෙවොල් පදයක්ම ලය තුනට නර්තනය කරයි. බර, කඩිනම්, ගමන් මාත්‍රය නර්තනය කරන අතර තාණ්ඩව නර්තන ලක්ෂණ ප්‍රදර්ශනය කරයි. ශිල්පීන් සිය දක්ෂතා ඉදිරිපත් කරනු වස් මාලක්කම, බඹර වළල්ල, පතාවිස්ස ආදිය ඉදිරිපත් කරයි. අවසානයේ ගිනි පාගා නර්තනය හමාර කරයි.




නාට්‍යමය පෙළපාලි 

1.අඹ විදමන
        දෙවොල් මඩු යාගයේ එන අඹ විදමන පත්තිනියගෙ එක් උත්පත්තියක චරිත විස්තර විදහා පාන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. නාට්‍යමය ලක්ෂණවලින් සුපෝෂිත අන්තර්රංගමය පෙළපාලියක් ලෙස අඹ විදමන ඉදිරිපත් වේ. පඬි රජුගේ ඔද තෙද සිඳිනු වස් පත්තිනිය මවිත අඹයක්ව උපන් අතර පඬි රජු මෙය කැඩීමට උත්සාහ කරද එය ව්‍යාර්ථ විය. අවසානයේ මහළු වෙස් ගත් සක් දෙව් රජ පැමිණ අඹය කඩා දමයි අඹයේ කිරි බිංදුවක් රජුගේ ඇසට වැටී දෙනෙත් අඳ වේ. මෙම අඹ ගෙඩිය රන් කරඬුවක බහා කාවේරි නදියේ පාකර හරී.මෙය වෙළඳ කුමාරයෙකුට හසුව වැලි මළුවේ සඟවා තබයි. දින කීපයකින් ඉන් රූමත් කුමරියක උපත ලබා සිටිනු දකී. ඇය පත්තිනයයි. මෙම කතා පුවත නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීම මෙහෙදී සිදු වේ. මෙහි එන දෙබස් සංවාද හාස්‍ය රසයෙන් යුක්තය. වචන වරද්දවා කීම, වචන කනපිට පෙරළා කීම, අසභ්‍ය වචන ප්‍රකාශ කිරීම, ග්‍රාම්‍ය ඕලාරික දෙබස් සංවාද වල යෙදීම, දෙබස් සංවාද ගැටුමක ස්වරූපයක් ගැනීම මඟින් හාස්‍ය ප්‍රභලව ඉස්මතු කරයි.

2.දොළහ පෙළපාලිය
         දොළහ දෙවියන්ගේ නාමයට දොළහ පෙළපාලිය නටනු ලැබේ.පූජා භාණ්ඩ 12ක් මෙහිදී දොළහ දෙවියන්ගේ නාමයට කැප කර පූජා කරනු ලැබේ. උඩුවියන්, පාවාඩ, කුඩ, කොඩි ,සේසත්, චාමර, දවුල්, තම්මැට්ටම, නලාව, හොරණෑව, හක්ගෙඩිය හා වීණාව එම භාණ්ඩ 12යි. මේ එක් එක් පූජා භාණ්ඩය ඊට අදාල ක්‍රියාකාරකම් සහිතව රංගනයෙන් ඉදිරිපත් කර දොළහ දෙවියන්ට පූජා කරයි.  මෙය හාස්‍ය රසයෙන් අනූන නාට්‍යමය පෙළපාලියක් වන අතර අනුකරණය, අනුරූපණය, දෙබස් සංවාද භාවිතය පැහැදිලිව කැපී පෙනේ.



3.ඇත් බන්ධය
          දොළහ දෙවියන්ට කරන පූජාවකි. දොළහ දෙවියන්ගේ නාමයට ඇතෙකු අල්ලා දළ කපා දොළහ දෙවියන්ට ඔප්පු කිරීම අනුරූප මාධ්‍යයෙන් මෙහිදී ඉදිරිපත් කෙරේ. මෙහිදී එක් කපු පත්තිනි වරයෙකු ඇතෙකු ඇල්ලීමට හෙණ්ඩුව රැගෙන සැරසෙනු ලබයි. අනතුරුව ඇතෙකු ඇල්ලීමට දඩයමේ යන ආකාරය රංගනයෙන් දක්වමින් නර්තන පද තාල අනුව යාග පොළ වටා ගමන් කරයි. දෙබස් සංවාදවල නිරත වීමෙන් අනතුරුව ඇතෙකු අල්ලා ගනී. එක් පුද්ගලයෙකු සුදු රෙද්දකින් ශරීරය ආවරණය කර කෙසෙල් පතුරෙන් තනා ගත් ඇත් මුහුණක් පළඳවා ඇතෙකු ලෙස වෙස් ගන්වයි. අනතුරුව ඇතා වට කොට අල්ලාගෙන දොළහ දෙවියන්ගේ නාමයට දල කපන ආකාරයට නර්තනය කරයි. මෙහිදී ඇතා ඇල්ලීමට යන අයුරු, ඇතා වට කොට ගන්නා අයුරු, දල කපා පූජා කරන අයුරු බෙරවල තාලයට අනුව නර්තනය කරයි. රංග භාණ්ඩ වශයෙන් හෙණ්ඩුව යොදා ගනී. අනුකරණය , අනුරූපණය, සමාරෝපණය, දෙබස් සංවාද භාවිතය,රංග භාණ්ඩ, අභිනය භාවිතය මෙහි ගැඹුරින් දක්නට ලැබේ. 

4.මී බන්ධනය 
         දොළහ දෙවියන්ගේ හ මංගර දෙවියන්ගේ නාමයට මීමෙකු අල්ලා අං කපා පූජා කිරීම මී බන්ධනයෙන් සිදු කෙරේ.මෙහිදී කපු පත්තිනවරයෙකු මීමෙකු ඇල්ලීමට කෙවිටක් හා මන්දයක් (ලණුවක්) රැගෙන යන අයුරු රංගනයෙන් පෙන්වයි. පෙර පරිදිම පුද්ගලයෙකු මීමෙකු සේ සමාරෝපණය වේ. සුදු රෙද්දකින් ශරීරය වසා සතර ගාත් දැක්වීමට කෙසෙල් කොට දෙකක් ද වලිගයක් හා කෙසෙල් පතුරු හිසක්ද පළඳී.  මීම සොයා යන අයුරු, මීමා වට කොට අල්ලා ගන්නා අයුරු, අං කපා ගන්නා අයුරු බෙර පද තාලයට අනුව නර්තනයෙන් පෙන්වයි. දෙබස් හා සංවාද හාස්‍ය රසෙන් යුක්තයි. අනුකරණය , අනුරූපණය, සමාරෝපණය, දෙබස් සංවාද භාවිතය,රංග භාණ්ඩ, අභිනය භාවිතය මෙහිදී ද දක්නට තිබේ. රංග භාණ්ඩ ලෙස කෙවිට හා මන්ද යොදා ගනී.

5.මරා ඉපැද්දීම
          එදා පඬි රජුගේ බිසවගේ සළඹ සොරා ගත්තා යැයි සිතා කෝවලන්ව මරා දැමූ අතර කෝවල සොයා යන පත්තිනිය වෙල්ලිය අම්බලමට පැමිණි අතර එහි දී යකෙකු දමනය කරයි.පසුව කාවේරි නදියෙන් එතෙර වීමට තොටියාගෙන් උදව් ඉල්ලූ විට ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා තොටියා සමඟ වෛර බැඳ ගන්නා පත්තිනිය තම පේරැස් මුදුව ගලවා ගඟට දමා ගඟ දෙබෑකොට ගඟෙන් එතෙරව ගොස් එම තොටියාගේ හත්මුතු පරම්පරාවටම වදුරු වසංගත ඇති කරයි. පසුව සිය සැමියාගෙ මෘත දේහය වැළඳ ශාප කරමින් අඬා වැළපෙන පත්තිනිය සිය වම් පියයුර කඩා පොලොවේ ගසා පඬි රට ගිණි බත් කළ බවත්, පසුව මල් වැසි වස්සවා සශ්‍රීක කල බවත් කියයි.මෙන්න මෙකී කතාන්දරය අනුරූපණයෙන්, අනුකරණයෙන් යුතු භාවාතිශය රංගනයකින් යුතුව ඉදිරිපත් කිරීම මරා ඉපැද්දීම තුළින් සිදු වේ. මෙහිදී එක් කපු පත්තිනිවරයෙකු පත්තිනි දෙවිය ලෙස සමාරෝපණය වේ. රංග භාණ්ඩ වශයෙන් කාවේරි නදිය නිරූපණය කරන දිය කොරහ හා පේරැස් මුදුව භාවිත වේ.

6.ගරා නැටීම
 පත්තිනි වෙනුවෙන් කරන සෙත් ශාන්තිවලදී විශේෂයෙන් මඩු තෝත්‍රවල දී යාග අවසානයේ ගරා යක්ෂයා වෙනුවෙන් නැටීම සිරිතයි.  ඇති වූ ඇස්වහ කටවහ හෝවහ දෝස දුරු කරවා ගැනීම මෙහි අභිප්‍රායයි. කපු පත්තිනවරු දෙදෙනෙකු ගරා යක්ෂයා ලෙස සමාරෝපණය වී ගර වෙස් මුහුණක් පළඳී. මෙහිදී සුවිශේෂී සැරසිල්ලක් ලෙස ගරා අයිලයක් සාදයි. මෙම අයිලය මත නැඟී පද්දෙමින් හාස්‍ය මතු වෙන ලෙස රංගනය කරයි. අවසානයේ සෙත් ශාන්ති කර පිටව යයි



Thursday, May 28, 2020

කොටස් අංක 08 - කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මයේ පෙළපාලි අනුපිළිවෙළ සවිස්තරව.




කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මයේ පෙළපාලි අනුපිළිවෙළ සවිස්තරව.

පූර්ව සූදානම් වීම

1.දිනය නියම කිරීම 
          ශාන්තිකර්මය සිදු කරන්නේ ගෘහයක නම් ගෘහ මූලිකයාගෙ උපන් නැකතට අනුව ය.සුබ දිනයක් කංකාරිය කිරීමට නියම කර ගනී. පොදුවේ ග්‍රාමීය වශයෙන් සිදු කරන්නේ නම් දෙවියන්ට මසක් තුළ, තුන් මසක් තුළ හෝ කංකාරිය කරන බවට භාර වේ.

2.අගහස් වෙන් කිරීම
            ගොවිතැනින්  ලබා ගන්නා ප්‍රථම අස්වැන්න කොටස දෙවියන් වෙනුවෙන් කංකාරිය පැවැත්වීම උදෙසා වෙන් කිරීම මෙයින් සිදු වේ.එම අග්‍ර කොටස නිවසේ උස් තැනක සුරක්ෂිතව තබයි. එය උඩරට ප්‍රදේශවල දී නම් අක්‍යාල වෙන් කිරීම යනුවෙන් ද, පහතරට ප්‍රදේශවල දෙවියන්ගේ වී හෝ දෙවියන්ගේ අස්වැන්න යනුවෙන්ද හඳුන්වයි.

3.රුක් පේ කිරීම
             කංකාරියේ සියලු අවශ්‍යතා සඳහා ගන්නා පොල් ගස්,කෙසෙල් ගස්,පුවක් ගස් වෙන් කිරීම හෙවත් නිල කිරීම මෙනමින් හඳුන්වයි. එසේ නිල කරනුයේ අදාල පොල් ගසට ගොක් රැහැන් ඇදීමෙනි. කංකාරියේ ගනු ලබන පොල් මල කපා ගන්නා පොල් ගස සඳහා කංකාරිය කරවන්නාගේ නිවසට උතුරු දෙසින් පිහිටි ගසක් තෝරාගෙන ගස මුල පිරිසිදු කොට සුවඳ දුම් අල්ලා කහ දියර ඉස ගොක් රැහැන් ඇද වෙන් කරනු ලබයි. මෙය පොල් ගස තහන්චි කිරීම ලෙස ද හඳුන්වයි.

4.කප් සිටුවීම
             නිශ්චිත කාලයක දී කංකාරියක් කරනවාය කියා දෙවියන් හා යකුන් විශයෙහි පොරොන්දු වීමක් මෙයින් සංකේතවත් වේ.කප සඳහා යොදා ගන්නේ කංකාරි ගෙදරට උතුරු දෙසින් පිහිටි සශ්‍රීව වැඩුණු ඵල හට නොගත් වරක ගසක උතුරු දෙසට විහිදුණු අත්තකි. පේ වුන අයෙකු ගසට නැඟ පංචතූර්ය මධ්‍යයේ කිරි රුක කපා සුදු රෙද්දකින් ආවරණය කොට කප පේ කරයි. කප සිටුවන ස්ථානයේ අටමඟල සාදා බ්‍රහ්ම පාදයේ වළක් සාදා සිව් කොන මල් බුලත් යහන් සාදා කප් වළට ඇල් වී දමා කප් කණුවට පොල්මල හා පොල් ගෙඩි තබා කප් කණුව සිටුවීම සිදු කරයි.

5.පොල් බුලතේ යාම
              කංකාරියට පෙර දිනයේ පේ වුණ පුද්ගලයන් දෙදෙනෙක් හක් ගෙඩි පිඹිමින් ගම පුරා ඇවිද කංකාරියට අවශ්‍ය ද්‍රව්‍ය  රැස් කිරීම මෙනමින් හඳුන්වයි. එදිනට ගමේ සියලු දෙනා තමන්ට හැකි පමණින් අවශ්‍ය දේවල් සපයා දීමට උනන්දු වේ.


කංකාරි දිනට පෙර දිනයේ චාරිත්‍ර 

1.මඩුව සෑදීම
          නියමිත නැකතට අනුව මඩුව සාදයි.දිගින් සැට රියනකි, පළලින් තිස් රියනකි.මඩුවේ පසෙක "යක් ගේ" සාදන අතර එහි යහනක් පිළියෙළ කෙරේ.යක් ගේ තට්ටු දෙකකි.උඩ තට්ටුව දෙවියන්ගේ ආභරණ හා ආයුධ ආදිය ද යට තට්ටුවෙ පැහැදුම් පෙට්ටියක් ද ඇත.කංකාරි මඩුවට නුදුරින් වැදි යකුන් පිදීමට "වැදි යක්පොළ" යනුවෙන් කුඩා මඩුවක් සාදයි. කංකාරි මඩුව සරසනුයේ තැඹිලි, නවසි, බෝදිලි, පුවක්, දෝතළු, නා, පුවක් මල්, කෙසෙල් ගෙඩි වැනි ශුද්ධ වස්තූන් ලෙස සළකන ඵල හා දළු වර්ග වලිනි.

2.මඩු පේ කිරීම
             යක් ගෙය සහ මඩුව පේ කිරීම හෙවත් දෙවියන්ට කැප කිරීම මඩු පේ කිරීම් වේ.සුවඳ පැන් ඉස, දුම් අල්ලා, මඟුල් බෙර වයා, පහන් දල්වා, මඩු පේ කිරීමේ කවි කියා මඩුව පේ කිරීම සිදු කරයි.

3.තොට පේ කිරීම
           මුරුතැන් පිසීමට අවශ්‍ය ජලය ලබා ගැනීමට පැන් තොටක් දෙවියන් උදෙසා වෙන් කිරීම මෙනමින් හඳුන්වයි. ළිඳක්, ගඟක්, ඔයක් වැනි ස්ථානයක් ගොක් රැහැන් ඇද පේ කරනු ලබයි. ඉන් පසු කංකාරිය සඳහා මිස වෙන කටයුතු  සඳහා ඉන් ජලය නොගැනේ.

4.අතෝරකරුවන් පේ කිරීම
            අතෝරකරුවන් හෙවත් කොට්ටෝරුවන් කංකාරියේ යක්දෙස්සන් ගේ කාරියයන් පහසු කරවන තැනැත්තන් ය. පළමුව ඔවුන් හිස් සෝදා නා පේ වෙති.දෙවනුව දෙවියන්ගෙන් අවසර ලබා ගත යුතුය.එය කරනුයේ ප්‍රධාන යක්දෙස්සාය. අතෝරකරුවන් කැප කිරීම ලෙස ද හඳුන්වයි.


5.මල පේ කිරීම
             රුක් පේ කිරීමේදී නිල කරන පොල් ගසින් කපා ගත් පොල් මල් දෙවියන් උදෙසා පේ කිරීම මල පේ කිරීම නම් වේ.නිල කෙරූ පොල් ගස මුල පවිත්‍ර කොට පේ වූ අයෙකු ගසට නැග මඟුල් බෙර වාදන මධ්‍ය යේ මල කපයි. එහිදී මල සුදු රෙද්දක ඔතා උඩුවියන් යටින් පාවඩ මතින් යහන මතට ගෙන යනු ලබනුයේ පංචතූර්ය හඬ මධ්‍යයේ ය. පොල් මල පේ කරනු ලබන්නේ වීරමුණ්ඩ දෙවියන් උදෙසා  ය. මඩුපුරය නැටීමට ද ගනු ලබන්නේ මේ පොල් මලය.

6.ආභරණ වැඩමවීම හෙවත් දෙවියන් වැඩමවීම
            කංකාරිය හා සම්බන්ධ දෙවියන්ගේ ආභරණ වන අවුපත්, ආයුධ, අඳින ලද පින්තූර යහනට වැඩමවීම යක්දෙස්සන් විසින් මෙනමින් හඳුන්වයි. ප්‍රදේශයේ දේවාලයක සිට ආභරණ වැඩමවීම සිරිතයි. ආභරණ අතර විශාල සළඹ දෙකක්, කෙටේරියක්, කඩුවක්, කිණිස්සක්, ත්‍රිශූලය, හෙල්ලය, වේවැලක්, කැත්තක්, හෙණ්ඩුවක්, දේවසිතුවම් (කොහොඹා, කතරගම, පත්තිනි, ගම්භාර ) ආදිය තිබේ.

7.මල්‍ යහන් කවි කීම
             යහන මතට දේවාභරණ වැඩමවූවාට පසු වෙහෙර විහාර, ගංගා, කඳු පර්වතවල සිටින සියළුම දෙවියන්ට මල් යහනට ආරාධනා කිරීම මින් සිදු වේ.මල් යහන් කවි කියනුයේ ඒ සඳහා ය.
          "මිහින්තලේ අටසැට ලෙන 
                         සේල චෛත්‍යයා  වෙහෙරට
            අඹත්ලාව මිරිසවැටිය 
                         භයාගිරිය නන්    වෙහෙරට
            ජයසිරිමා රුවන්වැලිය 
                          ථූපාරාමේ            වෙහෙරට
            අටමස්ථානේ සිටියත් 
                          වඩින්න දෙවි මල්  යහනට "

8.දෙවියන්ගේ කවි කීම ( පොල්මලේ හා මඩුපුරේ කවි )
          කංකාරිය සම්බන්ධව සියලුම දෙවියන්ගේ කෝල්මුර කවි කියා ඉන් පසු පොල් මල කැපීම හා සම්බන්ධ වතාවක් විස්තර කෙරෙන පොල්මලේ කවි හා මඩුපුරේ කවි ගායනා කෙරේ. අවසානයේ වීරමුණ්ඩ දෙවියන් උදෙසා කවි කියයි.

9.අඩක්කු පිසීමට සූදානම් වීම 
           දෙවියන්ට වෙන් කෙරුණු අක්‍යාල ගෙන වී කෙටීම සිදු කරයි. වී කොටන වංගෙඩිය වටේ සුදු පිරුවටයකින් ඔතා පුවක් මල් කිනිති තුනක් තුන් පැත්තකින් තබයි. සියලුම කාර්‍යයන් සිදු කරනුයේ පිරිමින් විසිනි. පේ කරනු ලබන පොල් ගස්වලින් ගෙඩි රැගෙන තෙල් සිඳිනු ලැබේ. වී කෙටීමෙන් ආරම්භ වන පිටි කෙටීම, තෙල් සිඳීම යනාදී කටයුතු සඳහා කවි ගායනා කෙරේ.

කංකාරිය පවත්වන දිනයේ පෙරවරු චාරිත්‍ර 

1.මුරුතැන් පිසීම 
              දෙවියන් වෙනුවෙන් මුරුතැන් පිසීම කංකාරි දින උදේ වරුවේ සිදු කරයි. පෙරවරු 8 වන විට මෙම කටයුත්ත අවසන් විය යුතුය.මෙහිදී හාල් මුට්ටි 3ක් ලිප තබා ඔත්තේ සංඛ්‍යාවලින් හාල් දමනු ලැබේ.. මුරුතැන් බත සඳහා වට්ටක්ක, අළු කෙසෙල්, කරවල ව්‍යංජන සාදනු ලැබේ. කඩවර ගොටුව සඳහා රොටි, දියමස්, ගොඩ මස්, පුළුටු පස් වර්ගයක්, ඇට ඇටි පස් වර්ගයක් ආදිය සකස් කරයි. මෙහිදී දෙවියන් උදෙසා පිදෙන ආහාරය මුරුතැන් බතයි. කඩවරයා වෙනුවෙන් පිදෙන්නේ අඩුක්කුවයි.

2.නානුමුර මංගල්‍යය / ආභරණ නිල කිරීම 
               පෙර දින යහන් මතට වැඩම කර වූ ආභරණ පේ කරන තොටට ගෙන ගොස් දෙහි මිශ්‍ර ජලයෙන් සෝදා පිරිසිදු කිරීම මෙනමින් හදුන්වයි. මෙහිදී කොතල පදයෙන් කොටසක් ද දුම් අල්ලන විට දුම්මල පදයෙන් කොටසක් ද වාදනය කරයි. චාරිත්‍ර අවසන නැවත ආභරණ රතු රෙදිකඩක ඔතා පැන් තොටින් පැන් කළයක් ද රැගෙන කංකාරි මඩුවට විත් පොල් ගෙඩියක් බිඳ මෙය අවසාන කරයි.

3.පුදා වැඩීම
               පිසින ලද මුරුතැන් දෙවියන්ට පූජා කිරීම පුදා වැඩීම නම් වේ. මුරුතැන් යහනට ගෙනෙන විට තේවා වාදනය කරයි. මෙසේ ආහාර තටු 4ක් තබයි. මෙම තටු පේ බත් තටු නම් වේ. සෑම පේබත් තටුවක්ම කැවුම්, කෙසෙල් ගෙඩි 3 බැඟින් ද, පඬුරක් , බුලත් කොලයක් හා දල්වන ලද පහන් තිරයක් බැඟින් තබයි. පුදා වඩන අවස්ථාවේ යහන වම්පස හාල්මාළු පට්ටය නම් පොදියක් එල්ලා තබනුයේ වැදි යක් බණ්ඩාර වෙනුවෙනි.

4.යාතිකාව
              පුදා වැඩීමෙන් පසු ආතුරයා අතට බුලත් අතක් දෙයි. ඔහු යහන අසලට ගෙන්වා ගන්නා ප්‍රධාන යක්දෙස්සා පුද තටු ගෙන ආතුරයාගේ දොස් මුදා හරින ලෙස දෙවියන්ගෙන් ඉල්ලීම යාතිකාව වේ.

5.පේ බත යැදීම
               යහන මත පහන් දල්වා මඟුල් බෙර වාදනයක් පැවැත් වූ පසු ප්‍රධාන කැපකරු යහන ඉදිරියේ සිට කොහොඹා යක් කංකාරියේ මහ යාතිකාව නම් ගද්‍ය සැහැල්ල ගායනා කරයි. මඟුල් බෙර ද වාදනය කරයි. දේවාරාධනාවක් ද මෙහිදී සිදුවේ.

6.අයිලෙ යැදීම
              කොහොඹා කංකාරිය හා සම්බන්ධ අයිල අතර වැදි අයිලය, ගොඩ අයිලය, කඩවර අයිලය විද්‍යාමාන වේ. දවල් බත් යැදීමෙන් පසු අයිලය යැදීම සිරිතයි. කංකාරි දිනට පෙර දින පාන්දර වී කෙටීම, තෙල් සිඳීම, පිටි කෙටීම ආදිය නිමා වූ පසු ඔවුන්ට කැවුම්, කිරිබත් කෑමට දෙයි. මෙය කන්නන්කඩ ලෙස ද හඳුන්වයි.

7.දෙවියන්ගේ කවි කීම (කෝල්මුර කවි)
               ඉරුගල් බණ්ඩාර, කන්දේ බණ්ඩාර කොහොඹා තුන් කට්ටුව, උඩුවේරිය බණ්ඩාර , වලියක් තුන් කට්ටුව හා කලු කුමාර යන දෙවිවරුන් ගේ විස්තර ඇතුලත් කවි කෝල්මුර නම් වේ.පිරුවට ඇඳ ගත් යක්දෙස්සන් දෙදෙනෙකු ගායනයට අනුකූලව සුළු චලනයක යෙදේ. සෑම දෙවියෙකුගේම කෝල්මුර කවි අවසානයේ කෙටි ආලත්තියක් වාදනය කරයි.

8.මධ්‍යම කඩවර ගොටුව දීම
             කඩවර දෙවියන්ගෙන් ශාන්තිකර්මට අයහපතක් වේය යන විශ්වාසෙන් එය සිදු නොවීමට කඩවර දෙවියන් වෙනුවෙන් පුදදෙන පිදේන්න කඩවර ගොටුව වේ. එයට බත්, කෙසෙල්, වට්ටක්කා, කරවල, බිත්තර බැදුම්, දල්වන ලද පන්දම්  දෙකක්, බුලත් විටක්, පුවක් මල් කිනිත්තක්,කෙසෙල් කොල ඇතිරූ නෑඹිලියක දමා එය ආතුරයාගේ හිස මත තබා කඩවර කවි ගායනා කරයි. ඉන් පසු එය කංකාරි මඩුවට මෑතින් සාදා ඇති කඩවර අයිලයට ගෙනයයි.

9.දෙයියන්ගෙ දානය
             පුදා වැඩීම සඳහා ගත් සියලුම  කෑම වර්ග දැමූ වට්ටිය මෙනමින් හැඳින්වේ. ප්‍රථමයෙන්ම එහි කොටසක් ආතුරයා භුක්ති විඳින අතර ඉන් පසු රැස්ව සිටින සියලු දෙනාට එය භුක්ති විඳින ලෙස ආරාධනා කරයි.

කංකාරි දින පස්වරු චාරිත්‍ර 

1.මඟුල් බෙර වාදනය
             වාදකයක් 4 දෙනෙකු පමණ සහභාගී වේ.මඟුල් බෙර වට්ටම් 4ක් ගසන අතර අත්‍යා බෙරද සුළු වශයෙන් වාදනය කරයි.

2.වැදි යකුන් නැටීම 
             මඩුව මැද අලුත් පැදුරක් එලා ඒ මත අටමඟල ඇඳ එහි ආතුරයා වාඩි කරවා අතට බුලත් කොළයක ඔතන ලද පඬුරක් ලබා දෙයි. තනි කච්චියේ ඇඳුමෙන් සැරසුණු නැට්ටුවෝ පොල් ගෙඩියකින් සාදන ලද පන්දමක් අතට ගෙන නටනු ලබයි.
3.යක් ඇනුම
            සියලු යකුන්ට කංකාරි මඩුවට පැමිණෙන ලෙස කරන ආරාධනය මෙයින් ද්වනිත වේ. මෙහිදී යක් ඇනුම ස්වල්පයක් නටයි. තනි කච්චියෙන් සැරසී නටයි.

4.හත්පද නැටීම 
       1.බුලත් පදය - බුලත් අතක් ගෙන ප්‍රථමයෙන්ම යහන ඉදිරිපිට තනි කච්චි නැට්ටුවෙකු නටනු ලැබේ.     
          මින් දෙවියන්ට යහනට ආරාධනා කිරීමක් ගම්‍ය වේ.
      2.කොතල පදය - කංකාරි මඩුව පුරා කහදිය ඉසිමින් පවිත්‍රතාව සංකේතවත් කරන නර්තනකි.
      3.සළු පදය - සුදු සළුවක් ගෙන දෙවියන්ට පවන් සැළීම නිරූපනය වන නර්තනයකි.
      4.දුම්මල පදය - දෙවියන්ට කෙරෙන සුවඳ දුම් පූජාවකි.
      5.පොල් පදය - ලෙලි හරින ලද පොල් ගෙඩියක් ගෙන එක් නැට්ටුවෙකු විසින් නටනු ලැබේ.
      6.ආවළඳ පදය/යහන් මුට්ටි පදය - සහල්, මුං ඇට ආදී ද්‍රව්‍ය කීපයක් දැමූ කට වැසූ මුට්ටියක් රැගෙන             .        නටනු ලැබේ
     7.සැවුල් පදය - එක් අතකට රතු කුකුළෙක්ද අනෙක් අතට පස්කොළ අත්තක්ද ගෙන සැවුල් පදය නටයි
(ඉහත සඳහන් කර ඇත්තේ මුදියන්සේ දිසානායක මහතා විසින් රචිත කොහොඹා යක් කංකාරිය හා සමාජය කෘතියෙන් උපුටා ගත් හත් පදයයි.) 

5.පලවැල දානය
        කංකාරියේ දාන පහෙන් එක් කොටසකි. මෙහි සීතා බිසව ගැනත් ඇය වනාන්තරයේ තනි වූ ආකාරය ගැනත් මලය කුමරුන් තිදෙනාගෙ උපත් කතා ගැනත් විස්තර වේ. නෛඅඩි ඇඳුමෙන් සැරසුණු කීප දෙනෙක් රංගනයේ යෙදේ. 

6.වනේ යක්කම
        රඟ මඩල මැද එළා ඇති පැදුර මත උඩු යටිකුරු කරන ලද වංගෙඩියක් තබා දොලොස් ගිරිය සංකේතවත් කිරීමට බුලත් 12ක්, පඬුරු 12ක්, දල්වපු පහන් තිර 12ක් වටේට තබයි. නෛඅඩි ඇදුම ඇඳ ගත් නැට්ටුවෝ දෙදෙනෙක් වටේට නටයි. එක් අයෙකු වංගෙඩිය උඩ සිට ආතුරයාට  ආවඩයි.

7.වංගෙඩි සමයම 
         ප්‍රභල අභිචාර ලක්ෂණ පිළිඹිබු කරන්නකි. වංගෙඩියට හිස තබා නිදා සිටින නැට්ටුවෙකි. ඔහුගේ දෙපා අසළ කුකුළෙක් රඳවා සිටී. ගොට්ටකට කහ දිය ගෙන කුකුළා මතට වැටෙන සේ තෙවරක් විසි කරයි. ආතුරයා සිටින අටමඟලෙන් සහල් ගෙන ඒවාද පෙර පරිදි තෙවරක් විසි කරයි. දෙහි ගෙඩි තුවාල කර පෙර පරිදි විසි කරයි.

8.වැදි යක් පොළ
              කංකාරි මඩුවෙන් පිටත ඇති මෙය ගොඩ අයිලය ලෙසද හදුන්වයි. මෙම චාරිත්‍රය ඉර බැස යාමට පෙර අවසන් කල යුතුය. මඟුල් බෙර වයා ආරම්භ වන වැදි යකුන් පිදීම පළමුවෙන්ම අයිලය යැදීම ගායනා කෙරේ. ඉන්පසු දේවාරාධනාව ගයා දෙවියන්ට ගොඩ අයිලයේ තැන්පත් කල පූජා තටු පිළිගන්නා ලෙස ආරාධනා කරයි. මලය රජුගේ ආගමනය පිළිබඳ කවිත් කෝලමුරත් ගායනා කරයි.දේව පදය වාදනය කර මෙය අවසන් කරයි.

9.හැන්දෑ කඩවර ගොටුව දීම
             පෙර මධ්‍යම ගොටුව දීමේදී මෙන්ම හැන්දෑ කඩවර ගොටුව ආතුරයාගේ හිස තබා කඩවර අයිලයට පුදනු ලැබේ.

රාත්‍රි චාරිත්‍ර විධි

1.අයිලෙ කට කැපීම 
             අයිලය සාදා එහි කාමර වෙන් කර ඒවායේ විවරයන් සාදා කෙසෙල් පතුරු ගසා ආවරණය කරයි. මෙම චාරිත්‍රයේ දී ප්‍රධාන අතෝරකරු අයිලේ දොරටු පිහියකින් කපා විවෘත කරයි.

2.යක්දෙස්සන් පේ වීම.
             කංකාරිය කිරීමට දින 7කට පෙර සිටම සියලු කිළිවලින් යක්දෙස්සන් ආරක්ෂා වේ. යක්දෙස්සෝ වෙස් ඇඳුම ඇඳීමට ප්‍රථම දෙහි ගා හිස සෝදා නා පිරිසිදු වීම මෙහිදී සිදු වේ.

3.හඟල යැදීම 
              යක්දෙස්සන් හඟල අතට ගෙන අයිලය ඉදිරිපිට සිට කවි කියා හඟල යැදීම සිදු කරයි.

4.ආභරණ අයිලයට වැඩැම්මවීම
              මඟුල් බෙර මධ්‍යයේ දේවාලයේ සිට ගෙනැවිත් වෙනත් තැනක තබා තිබූ ආභරණ පාවඩ, උඩුවියන් මතින් අයිලයට වැඩම කරවයි.

5.පුදා වැඩීම
             පෙරවරුවේ පැවත් වූ ආකාරයට නැවතත් පුදා වැඩීම සිදු කරයි.

6.මහා යාතිකාව
            ආතුරයා අයිලය ඉදිරියේ වැඳගෙන සිටින අතර ප්‍රධාන යක්දෙස්සා ආතුරයා වෙනුවෙන් දෙවියන් වෙත යාතිකා කරයි.විජය, පඬුවස්දෙව් දිවි දෝශය පිළිබඳ සම්පූර්ණ කතාව මෙහිදී විස්තර කරයි.

7.මඟුල් බෙර
            කංකාරියට සහභාගී වන සියලුම බෙර කරුවන් ඔවුනොවුන්ට ආචාර දක්වා ජ්‍යෙෂ්ඨත්වය හා ප්‍රවීණත්වය අනුව දෙ පෙළ සැදී සම්පූර්ණ මඟුල් බෙර වාදනයක් සිදු කරයි. එහිදී එක් එක් බෙර කරුවන් තනි තනිව පූජා පද වාදනය කිරීම සිරිතයි.

8.අත්‍යා බෙර
             අතින් බෙර වයා සටන් වැදීම මෙයින් ගම්‍ය වේ. ජ්‍යෙෂ්ඨත්වය හා ප්‍රවීණත්වය අනුව දෙ පෙළ සැදෙන බෙර වාදන ශිල්පීන් අයිලය ඉදිරියේ වරකට දෙදෙනා බැඟින් තරඟයට බෙර වයයි. වාදකයන් සතු දක්ශතාවය මනාව පිළිඹිබු වේ.

9.යක් ඇනුම
              සියලුම යක්දෙස්සන් සහභාගී වන ප්‍රථම නර්තනය යි. ජ්‍යෙෂ්ඨත්වය හා ප්‍රවීණත්වයට මුල් තැනක් හිමි වේ. කංකාරිට යකුන්ගේ ඇල්ම බැල්ම ලබා ගැනීම සහ ඔවුන් මෙම ස්ථානයට ගෙන්වා ගැනීම මෙයින් අපේක්ෂිතය.

10.අයිලෙ යැදීම (දේවාරාධානාව)
                මෙමඟින් සියලුම දෙවියන්, වැද්දන්, යකුන් කංකාරි භූමියට ගෙන්වා ගැනීම අපේක්ෂිතය. අයිලෙ යැදීම ගායනාවලින් පසු කංකාරියේ ඉතිහාස කතා පුවත ගැබ් වූ ගද්‍ය සැහැල්ලක් ද වැදි තුන් දොලොසේ කවි ද ගායනා කරයි.             
11.කුවේණි අස්න නැටීම
                  සියලුම යක්දෙස්සන් හා බෙර කරුවන් සහභාගී වේ. කංකාරි මඩුව මැද විශාල රවුමකට සිට නර්තනයේ යෙදෙන අතර අතෝරකරුවෙකු පන්දමක් ගෙන ප්‍රධාන යක්දෙස්සා ඉදිරියෙන් ගමන් කරයි. පොල් පන්දම හා ඊ ගස සියල්ලෝම අතට ගනිති.

12.යක් තුන් පදය
                    ප්‍රධාන වශයෙන් වාදනයට මුල් තැනක් දෙමින් යක්දෙස්සන් නර්තනයේ යෙදේ. ප්‍රධාන වශයෙන් පද් තුනක් වාදනය කරයි.

13.හත් පදය
                පෙර නර්තනයේ යෙදුනු පද හත නැවත නටයි.

14.ගුරුගේ මාලාව
                 ප්‍රථම නාට්‍යමය පෙළපාලියයි.දෙවොල් දෙවි ගොඩ බැසීම හා සම්බන්ධ ය.

15.කවි පස් පන්තිය
                 වීරමුණ්ඩ, ඉරුගල් බණ්ඩා, කලු කුමාර, කන්දෙ බණ්ඩා, කොහොඹා යන දෙවියන්ට ගැයෙම කෝල්මුර මෙනමින් හැඳින්වේ. එමෙන්ම උඩුවේරිය දෙවියන් , වලියක් තුන් කට්ටුව ගැන ද කවි ගායනා කරයි.

16.මධ්‍යම කඩවර ගොටුව දීම

17.දුනුමාලප්පුව 
               ඒකල නැටුමකි. ලීයෙන් සෑදූ දුන්නක් සුදු රෙද්දක ඔතා දෑතින් අල්ලා අයිලය දෙසට හැරී නටයි. කංකාරියට සම්බන්ධ දුනු දෙවියන්ට කෙරෙන පූජාවකි.

18.කෝල්පාඩුව 
              ඒකල නැටුමකි. අයිලයේ ඇති කෝලායුධය ගෙන අයිලය ඉදිරියේ නටයි. කෝලායුධය කතරගම දෙවියන්ගේ ආයුධයක් වන අතර මින් කතරගම දෙවියන්ට පූජෝපහාර පවත්වයි.

19.ආවැන්දුම 
           අතිශය දීර්ඝ වූත්, අලංකාර වූත් නර්තනයකි. මෙයට වට්ටම් 4කි. 

20.වැදි යක්කම
            යක්කම් 5 අතරින් ප්‍රථමයෙන් රඟ දක්වන්නේ මෙයයි. ප්‍රධාන යක්දෙස්සත් බෙර කරුවෙකුත් වැදි චරිතය නිරූපණ්‍ය කරන වැද්දෙකුත් මෙය කරනු ලබයි.

21.මඩුපුරේ - මල් හත් පදය
          පත්තිනි හා වීරමුණ්ඩ දෙවියන් වෙනුවෙන් නටනු ලැබේ. නොපිබිඳුනු පොල් මලක් ගෙන නර්තනය කරයි.

16.මල්‍ යහන් කවි
                 කොහොඹා කංකාරියේ කතාවට සම්බන්ධ නොවන දෙවියන් කිහිප දෙනෙක් යහනට වැඩමවීමට ගැයෙන කවිය.

17.දාන පහ
           1.පලවැල දානය - සීතා බිසව හා මලය රජ තුන් කට්ටුව පිළිබඳ 
           2. දිවි දානය - විජය කුවේණි දෙදෙනා ඔවුනොවුන් හැර නොයන බවට වූ දිවුරුම පිළිබඳ 
          3.සුරභි දානය - මලය රජ තුන් කට්ටුව සතු ධනු ශිල්ප දක්ෂතාව
           4.ඌරු දානය - මලය රජුගේ උයන, රාහු අසුරේන්ද්‍රයා ගේ ඌරු වේශය හා ලංකා ගමනය පිළිබඳ  
           5.වැදි දානය - මලය රජු සමඟ පැමිණි පරිවාර වැදි සේනාව පිළිබඳ 
 18.කතා පහ
           1.සිංහවල්ලි - සිංහබාහු හා සිංහ සීවලී කතාව
           2.විජය රාජ - විජය කුවේණි කතාව
           3. පඬුවස්දෙව් - පඬුවස්දෙව් රජ සම්බන්ධ කතාව
           4.සීතාපති - මලය රජුගේ උපත් කතාව
           5.මලේ රාජ කතාව

19.මහ යක්කම (විජය රාජ කතාව)
           මැණිකකට දිවි දුන් කතාව

20.කප ගැලවීම / මල බඳීම
           සිටුවන ලද කප ගලවා කංකාරි මඩුවට ගෙනැවිත් තබයි. ඉතිරි වූ මල් කිනිති යහනෙහි මැද කණුවට තියා බඳී.

21.අලුයම කඩවර ගොටුව දීම

22.යක්කම් පහ
            ඌරා, නයා, වැදි, දර්ශන, සීතා යන යක්කම් පහ රංගනය කරයි.

23.ගබඩා කොල්ලය 
           නාට්‍යමය පෙළපාලයකි.කංකාරිය සඳහා ලැබෙන ද්‍රව්‍ය තැන්පත් ස්ථානය ගබඩාවයි. ප්‍රධාන යක්දෙස්සා ඇතෙකු සේ වෙස් ගෙන ගබඩාව පිරික්සීමක් සිදු කරයි.

24.ගෙට ගිනි තැබීම
              ගබඩාවේ තුබූ සියලු දේ යක්දෙස්සන් අතර අතර බෙදා ගබඩාව විනාශ කිරීමක් සංකේතවත් වේ. එය සංකේතවත් කිරීමට පිදුරු ගොඩකට ගිනි තබයි

25.කොහොඹා හෑල්ල
              කොහොඹා දෙවියන්ගේ උපත් කතාව ගායනය කරමින් නර්තනයේ යෙදේ. විවිද තාල රූපවලට අනුව නර්තනය කරයි.



26.මුව මල විදීම
            අයිලයට පිටින් කැන මුව සහිත කෙසෙල් ගසක් සිටුවයි. ප්‍රධාන යක්දෙස්සා ලීයෙන් කල දුන්නක් ඊතලයක් රැගෙන එය කඩන අයුරු රඟ දක්වයි. කඩාගත් මුව, ඊතලයෙන් පතුරු ගසා මුව අයිලය උඩින් විසි කරනු ලැබේ.

27.මාරාව 
            අයිලය ඉදිරියේ යක්දෙස්සකු උත්කුටියේ හිඳ හස්ත චලන මඟින් කරන අභිනයකි.

28.යහන් ඇරීම
             මල්‍ යහන් කවි කියා ගෙන්වා ගත් දෙවියන් නැවත හරවා යැවීම යහන් ඇරීම නම් වේ. එහිදී දෙවියන්ට, යකුනට කවිකියා ආපසු යන ලෙස ඉල්ලීම් කරයි.

29.දෙවියන්ට පිං දීම

30.යාතිකාව
            ආතුරයාට සෙත් පතා කංකාරිය අවසන් කරයි

Monday, May 25, 2020

කොටස් අංක 07 - කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මය






කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මය

      උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන ශාන්තිකර්මය වනුයේ කොහොඹා යක් කංකාරියයි. කොහොඹා කංකාරිය, කොහොඹ කංකාරිය, කොහොඹා යක්කම, කොහොඹා කන්කාරිය ආදී විවිධ නම්වලින් ව්‍යවහාර කෙරෙන මෙම ශාන්තිකර්මය තුල "යක්" යන වචනය හා සම්බන්ධ නැටුම් කොටස් කීපයක්ම අන්තර්ගත වන නිසා " කොහොඹා යක් කංකාරිය " යන නාමය වඩාත් උචිත බව මහාචාර්ය මුදියන්සේ දිසානයක මහතා පෙන්වා දෙයි.කොහොඹා දෙවියන්ට පූජෝපහාර පිණිස පවත්වන මෙම ශාන්තිකර්මය සත්කෝරළය, සතරකෝරළ, දුම්බර, උඩිනුවර, යටිනුවර, හාරිස්පත්තුව ආදී උඩරට ප්‍රදේශවල ප්‍රචලිත ව ඇති බව චාල්ස් ගොඩකුඹුර මහතා ප්‍රකාශ කරයි. මෙම ශාන්තිකර්මය තුල උඩරට නර්තන සම්ප්‍රදායේ එන සියලුම නර්තනයන් අන්තර්ගත වන නිසා උඩරට නර්තන සම්ප්‍රදායේ කෝශඨාගාරය යන නමින් ද හඳුන්වනු දක්නට ලැබේ.

      කොහොඹා යක් කංකාරියට උත්පත්ති කතාවක් ඇත. එය රාජාවලිය, කුවේණි අස්න, සිහබා අස්න, කොහොඹා යක්කම හෙවත් විජේරාජ කතාව, දිවිදොස් ශාන්තිය, දිවිරද කවි, මලේරාජ කතාව ආදී කෘතිවල සඳහන් වේ. එම කථා ප්‍රවෘත්තිය සැකෙවින් මෙසේය. 

කොහොඹා යක් කංකාරිට මුල් වූ කතා ප්‍රවෘත්තිය :
       
      සත්සියයක් පිරිස සමඟ ලංකාවට පැමිණෙන විජය මෙරට ආධිපත්‍යය දැරූ යක්ෂයින් පරාජය කොට බලය ලබා ගත්තේ කුවේණියගේ සහය ඇතිවය. විජය කුවේණි සරණ පාවාගෙන වාසය කිරීමේ දී ඔහුට දාව ජීවහත්ත සහ දිසාලා නම් දරැ දෙදෙන උපන්හ. ඉකබිති විජයරජු කුවේණියව පලවා හැර මදුරා පුරයෙන් සමකුල කුමාරිකාවක් සරණ පාවා ගති. කුවේණිය දරු දෙදෙනාත් සමඟ ලංකාපුරයට ගියා ය.එහෙත් විජය කෙරෙහි කෝපයට පත් කුවේණි දිවි වෙසක් ගෙන වීදුරු දිවක් මවා විජය රජු මැරීමට තැත් කළා ය. එහෙත් බුදුන් විසින් ලක්දිව ආරක්ශාව දෙවියන් වෙත පවරනු ලැබීම හේතුවෙන් විජය රජුට අරක් ගෙන සිටි ශක්‍ර, බ්‍රහ්ම, මහේෂ්වර, කිහිරැලි, උපුල්වන්, සමන්, බොක්සැල් ආදී දෙවිවරුන් ඉදිරිපත් වී කුවේණියගේ වීදුරු දිව කඩා ඇය ගල් කර විජය රජු ආරක්ෂා කළ බව කියැවේ.

      තමා නෙරපා හැරීමෙ පලිය ගැනීම වශයෙන් කුවේණිය විජය රජුට ශාප කළාය. විජයගේ ඇවැමෙන් රජ පැමිණි පඬුවස්දෙව් රාජ්‍ය කරන සමයෙහි කුවේණිය විසින් විජය රජුට කරන ලද ශාපය පඬුවස්දෙව් රජුට වැදිණ. සිහිනයෙන් දිවිවෙසක් දැක බියපත් වූ පඬුවස්දෙව් රජු බලවත් සේ රෝගාතුර විය. කොහොඹා යක් කංකාරියේ දිවි දෝශය ලෙස හැඳිවෙනුයේ මෙයයි. මෙම දිවි දෝශය දුරු කිරීම සඳහා නොයෙක් සෙත් ශාන්ති කළ නමුත් ප්‍රතිඵලයක් නොවිණි. එහෙයින් පඬුවස්දෙව් රජුගේ සේසතෙහි වෙසෙන දේවතා දුව ශක්‍ර බවනට ගොස් ශක්‍ර දේවේන්ද්‍රයට මේ බව සැලකලේ ය.දිවියෙකු සිහිනෙන් දැක බිය වීමෙන් රෝගය හට ගත් නිසා මව් කුසින් උපන් කෙනෙකුට මෙම රෝගය දුරු කළ නොහැකි බවත් මලෙන් උපන් කෙනෙකු සොයා යාග කරන ලෙසත් ඇයට උපදෙස් දෙනලදී.

      මලෙන් උපන් කුමාරයා සොයා ගෙන්වාගැනීමේ කාර්යය රාහු අසුරේන්ද්‍රයට බාර විය. රාහු අසුරේන්ද්‍රයා ඌරු වේසයක් මවගෙන මලය රටට ගොස් මලය රජුගේ නන්දන උයන පාලු කරන්නට විය.එය දැන ගත් මලයරජු දුනු ඊතල රැගෙන ඌරා පසුපස පන්නා ගිය හ. සත් මුහුද පීනා උපක්‍රමිකව  ලංකාද්වීපයට මලය රජුව කඳවාගෙන පැමිණි ඌරා හන්තාන කන්ද අසල දී ගලක් වූ බව කියවේ. එතැනට ශක්‍රයා පැමිණ මලය රජුට කරුණු පැහැදිලි කර දී පඬුවස්දෙව් රජුගේ දිවිදෝශය සුවපත් කිරීම සඳහා කටයුතු සූදානම් කළහ. මේ සඳහා අනුරාධපුරයේ මහමෙව්නා උයනේ නියමිත දිග පළලින් විශාල මණ්ඩපයක් සදා වටතිර ඇද උඩු වියන් බැඳ පාවඩ දමා සරසන ලද මණ්ඩපය ශාන්තිකර්මය පිණිස සූදානම් කළහ.

     පඬුවස්දෙව් රජුගෙ දිවි දෝශය සුවපත් කළ පසු මලය රජු මින් මතු මෙවැනි ශාන්තිකර්ම කිරීමට තමාට පැමිණිය නොහැකි නිසා වැලිහෙළ නම් ග්‍රාමයේ කොහොඹ ගසක් යට පොකුණක දිය නාමින් සිටි කුමාරයෙකු නොමර යක් කර "කොහොඹා" යයි නම් තබා ඔහුට මෙම ශාන්තිකර්මයේ ප්‍රධාන පූජ්‍යස්ථානය පවරා තමාගෙ පිරිස සමඟ ආපසු මලය රටට ගියේ ය.

     කොහොඹා යක් කංකාරිය අතීතයේ පැවැත්වීමට හේතු වූයේ පඬුවස්දෙව් රජුට වන් දිවි දෝශය දුරු කර ගැනීමයි.නමුත් අධ්‍යතනයේ දී රෝග දුරු කර ගැනීමට, සශ්‍රීකත්වය උදෙසා, සාමූහිකත්වය ගොඩනඟා ගැනීම උදෙසා, කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ අපේක්ෂාවන් ඉටු කර ගැනීම උදෙසා, අධ්‍යාපනික වශයෙන් අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම සංරක්ෂණය උදෙසා ප්‍රදර්ශනාත්මක ලෙසද මෙම ශාන්තිකර්මය කිරීම ප්‍රධාන අරමුණු වන බව පැහැදිලිය.

Friday, May 22, 2020

කොටස් අංක 06 - නර්තන කලාවේ ප්‍රභවය හාා විකාශනය


ර්තන කලාවේ ප්‍රභවය හා විකාශනය

 

                   නර්තනය නැතහොත් ඉංග්‍රීසියෙන් ඩාන්ස් (DANCE) සහ නැටීම හෙවත් ඩාන්සින් (DANCING) යනුවෙන් දක්වන වචනය ප්‍රභවය වූයේ ජර්මන් මූලයකින් බව ආර්නෝල්ඩ් එල් හැස්කල් ගේ මතය යි. Royal ballet school යතනයේ අධ්‍යක්ෂක ආර්නෝල්ඩ් එල් හැස්කල් 1960 දී "නර්තනයේ කතාන්තරය" නමින් පල කල කෘතියෙහි ආදී ගල් යුගයේ සිට මාර්ගෝ ෆොස්ටින් සහ රැඩොල්ප් නුරෙයෙව් වැනි ලෝක ප්‍රසිද්ධ බැලේ නාට්‍ය  ශිල්පීන් තෙක් විවෘත කතාවක් විග්‍රහ කලේ . එතුමන්ගේ අදහස වූයේ ලෝකයේ වාසය කරන හැම කෙනෙකුටම නර්තනය හිමි බව .

 

                     ලෝකයේ පවත්නා සියලුම භෞතික හා මානව සංසිද්ධීන් කිසියම් රිද්මයකට අනුව සිදු වන බව මතය යි.මෙහි රටාවක් ඇත. නාඩි වැටීම, හෘද ස්පන්දනය, රුධිර සංසරණය වැනි ශාරීරික, ඇතැම් අභ්‍යන්තර ක්‍රියාදාමයන් අපට පාලනය කළ නොහැක. එහෙත් ඒවා සිදු වන්නේ යම්කිසි රිද්මයකටය. චලනය යනු චිත්තවේගය අනුව දක්වන ප්ප්‍රතික්‍රියාවයිඅප හැඟීම් ප්‍රකාශ කරනුයේ චලනයෙනි. මෙම භාවමය හැඟීම් ප්‍රකාශනය මානව සබඳතා වර්ධනයට හේතු වේ.

 

මෙම මානුශීය ක්‍රියාකාරකම් සේම උදය, දහවල, රාත්‍රිය, හිරු නැඟීම, බැසීම, අව්ව, වැස්ස, මුහුදෙහි රළ නැඟීම ආදී ස්වභාව ධර්මයේ ක්‍රියාකාරකම්  සිදු වනු යේ කිසියම් රිද්මයකට යටත්ව .

 

          සතුට, විනෝදාස්වදය, වින්දනය, ප්‍රීතිය ,රසය අපට ලබා දෙන ප්‍රදානතම සෞන්දර්යය කලාවක් ලෙස සැලකෙන නර්තනයේ ප්‍රභවය බොහෝ ඈත අතීතයකට දිව යයි. ඇතමුන් පවසන්නේ එය මානව සංහතියේ ආරම්භය තෙක්ම පරණි බව .

 

         මාස්ලෝ නැමති සමාජ විද්යාඥයා පෙන්වා දෙන ආකාරයට ආහාර අවශ්‍යතාවය,ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතාවය, ලිංගික අවශ්‍යතාවය යන ප්‍රාථමික අවශ්‍යතාවය තුන අනුක්‍රමික වශයෙන් මානවය හා බැඳී සිටී. මෙකී ප්‍රාථමික අවශ්‍යතා තෘප්ත කර ගනිමින් ජීවිතය පවත්වා ගැනීම සඳහා මානවයා විසින් සොබා දහම සමඟ කරන ලද සදාතනික අරගලය නර්තන කලාව බිහි වීමේ මූලික පදනම වූ බවය.

 

         භරත මුනිගේ නාට්‍ය  ශාස්ත්‍රයට අනුව තාණ්ඩව නර්තනය ඊශ්වර නිර්මාණයකි. ලාස්‍ය නර්තනය පාර්වතීගෙ නිර්මාණයකි. අසදෘශ වන්නමේ කියවෙන ආකාරයට මහා සම්මත රජුගේ රාජ පදවි ප්‍රාප්තියට දෙවිවරු මෙලොවට බැස දෙවි ලොව නැටුම් රඟ දක්වන ලදින් ඉන් පසු මෙලොව එම නර්ත ඇති වී තිබේ.

 

        නර්තනය දේවත්වයෙන් වෙන් කල නොහැකි බවත් එය ස්වර්ගයෙන් ලැබුණු දායාදයක් බවත් ග්‍රීක දාර්ශනිකයෙක් වූ ප්ලේටෝ සඳහන් කර තිබේ. නර්තනය දෙවියන්ගේ නිර්මාණයක් ලෙස සඳහන් කරනු ලැබුව , ය දෙවින් හා සමාන වූ මිනිසුන් විසින් කරන ලද නිර්මාණයක් ලෙස සිතීම සහේතුක .

 

ආදී මානවයා සොබා දහමේ තවත් එක සත්වයෙකු වූ අතර ජීවත් වීමේ දී ඔවුන්ට සොබා දහමට එරෙහිව අරගල කරන්නට සිදු විය.එකී අරගලයත් සමඟ ජීවිතය ගෙන යාමේදී සොබා දහමත් එයට අරක් ගත් බලවේගත් වන්දනාමාන කලා විය යුතු . සොබා දහමේ කැළඹීමෙන් ස්වභාවිකව සිදුවන ව්‍යසනයන්, සිය ජීවිතයේ පැවැත්මට තර්ජනය වන්නා වූ විවිධ රෝග පීඩා මෙන්ම තමන්ට ලැබෙන ආහාර හිඟවීම්, ආරක්ශාවට තර්ජන  එල්ල වීම ආදීය නොපෙනෙන බලවේගයන් නිසා සිදු වන බව ඔවුන් සිතූහ. එම නිසා එවැනි වාතවරණයන් උදා වූ කල නොපෙනෙන බලවේගයන්ට බැතිබරව ආයාචනය කලහ. ඔවුන් පිනවන්නට පිදිවිලි දීම පමණක් නොව ගායනය, වාදනය හා නර්තනය කළහ.

 

         එපමණක් නොව මරණයෙන් මතු මිය ගිය පුද්ගලයන් ජීවත් වන්නාවුන්ට වඩා බලගතු ආත්මයන් බවට පත්වන බවත්, ඔවුන් අමනාප වූ කල රෝග පීඩා ඇති කරන බවත් ඔවුන් ඇදවූහ.එම නිසා විවිධ ආකාරයට මිය ගිය ආත්මයන්ට පුද සත්කාර කරනු ලැබූහ. ඉන්දියානු දූපත්වල කාන්තාවන් අවමංගල අවස්තාවන්හි දී පවත්වනු ලබන වට නැටුම් , ලංකාවේ වැදි ජනයා අතර ප්‍රචලිත අවමංගල්‍ය චාරිත්‍ර  ආශ්‍රිත නර්තන , මේ පිළිබඳව ආසියාතික රටවලින් ලබා ගත හැකි ජීවමාන සාධකයි.

 

        එවැනි විශ්වාස මත ඇති වූ ප්‍රාථමික ඇදහිලි තම ශිෂ්ටාචාරයන් වර්ධනයත් සමඟ වැඩෙන්නට වූ බවත්, ඇසුරෙන් බිහි වූ යාතු කර්ම මත නර්තනය ගොඩනැඟෙන්නට ඇති බවත් පිළිගැනීමයි. මේ නර්තනයේ ආරම්භයට පූජාර්තය මුල් ගත් අවස්ථාවයි.

 

    මේ හැර දඩයමක් සාර්තක වූ කළ, තම පවුලට සාමාජිකයකු එකතු වූ කල ඇති සතුටුදායක චිත්තවේගයන් ප්‍රීීීීීීීීතිමත් චලන රටාවන් ලෙස ප්‍රකාශ වන්නට විය. එකී ආරම්භයත් සමඟ විකාශනය වූ චලන රටා නිසා විනෝදාස්වාදය මුල් කොට ගත් නර්තන අවස්ථා බිහි වූ බව සිතිය හැකි . මෙවැනි හේතූන් නිසා නර්තනය  " පූජාර්ථය " හා " විනෝදාස්වාදය " යන මූලික සංකල්ප දෙක මත පදනම් වූ බව සමාජ හා මානව විද්යාඥයන්ගේ මතය යි.

 

    ආදි කල්පික ජන සමාජයන්හි අභිචාර විධිවල හා පුද පූජාවල නර්තනය හා සමාරෝපනය බෙහෙවින් දක්නට ලැබෙන බව ජේම්ස් ජෝජ් ප්රේසර්, එල් හැට්වෙයර්, ඩබ් රිජ්වේ වැනි පඬිවරු සඳහන් කරයි.සශ්‍රීකත්වය ඇති කර ගැනීම සඳහා ලෙඩ රෝග වලින් මිදීම සදහා මෙම නර්තන සමාරෝපණ කාර්යයන්හි නියැළුණු බව එම උගතුන් ගේ පිළිගැනීමයි.

 

          නර්තනය ප්‍රභවය පිළිබඳ අධ්‍යයනය කරන මානව විද්‍යාඥයන් මානව වංශය ප්‍රධාන කාල තුනකට බෙදා වෙන් කරති.

* පෙලියෝතිලික යුගය හෙවත් පූර්ව ශිලා යුගය

   ( ක්‍රි.පූ 50000 - 14000 දක්වා )

*  මෙසොතිලික යුගය

   (ක්‍රි.පූ 14000 - 7000 දක්වා )

*  නියෝතිලික යුගය හෙවත් නව ශිලා යුගය

   (ක්‍රි.පූ 7000 - 4000 දක්වා )

 

      පූර්ව ශිලා යුගයෙහි නර්තන පිළිබඳ නිශ්චිත සාධක නැතත් සොබා දහම් වන්දනාව ඔවුන් අතර පැවති බව අනුමාන කෙරේ. එහෙත් මධ්‍ය ශිලා යුගයට හා නව ශිලා යුගයට අයත් ගුහා චිත්‍ර ආදී මානවයාගේ නර්තන කලාව පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කරගත හැකි වැදගත් ප්‍රාග් ඓතිහාසික සාධකය යි.

 

          උදා : සිසිලියේ ගුහා චිත්‍ර

                  ප්රංශයේ ලැස්කෝ ගුහා චිත්‍ර

               ස්පාඤඤයේ මොරෙල්ලා ඩිලා ගුහ චිත්‍ර

 

    ක්‍රි.පූ 3000 පමණ වන කාලයේ දී මිසර ශිෂ්ටාචාරයේ නර්තන ආගමික ඇදහිලි සමඟ බද්ධව තිබූ බවට සාක්ශි තිබේ. ඔරිසිස් නමැති සශ්‍රීකත්වයට අධිපති දෙවියන් වෙනුවෙන් නර්තනය කල බවට මිසර පිරමීඩ වල කර ඇතිකැටයම් හා චිත්‍ර ඇසුරින් පෙනී යයි. ඔවුන් අතර ග්‍රහ වස්තු පිදීමේ නර්තනයද, සදා කාලිකත්වයේ මංගල්‍යය නැමැති අවමංගල්‍යය නර්තනයක් පැවතී තිබේ.

 

     ඉතා පැරණි ශිෂ්ටාචාරයක් වන සුමේරියානු හා බබිලෝනියානු ශිෂ්ටාචාරවල දේව ඇදහිලි රාශියක් පැවති අතර, එකී ඇදහිලි හා බැඳුණු නර්තන විය.අහසට අධිපති අන් (An ), පොළොවට අධිපති එන්කි (Enki ), වාතයට අධිපති එන්ලිල් (Enlil), පාතාල ලෝකයට අධිපති ඉරෙෂ්කිල් (Erishkigal), යුද්ධයට අධිපති ඉනන්නා (Inanna ), යන පස් දෙනා ප්‍රධාන දෙවිවරු පස්දෙනා වූ අතර, එන්ලිල් ඔවුන් අතරින් ප්‍රධාන දෙවියා . ඔවුන් අතර නන්න ( සඳ - Nanna ) සහ උතු ( හිරු -utu ) යන දෙවිවරුන් විය.මෙකී දෙවිවරුන් වෙනුවෙන් පවත්වන ලද දේව පූජාවල දී නර්තනය අනිවාර් අංගයක් වශයෙන් පැවතියේ .

 

   ආගමික ස්ථාන හා බැදි නර්තන, අවමංගල්‍යය චාරිත්‍ර හා බැඳි නර්තන, යුධමය නර්තන, ගායන වෘන්ද නර්තන, ලෞකික නර්තන වැනි නර්තන රාශියක් ග්‍රීක සංස්කෘතියෙහි පැවති අතර,රෝම සංස්කෘතියෙහි කෘෂිකර්මාන්තය පදනම්කර ගත් නර්තන සහ කුජ ඇදහීම පදනම් කර ගත් නර්තනාංගද බිහි විය.

 

වර්ගයාගෙ පැවත්ම නොකඩවා පවතවාගෙන යැමේ අභිලාෂයෙන් කරනු ලබන අභිචාර විදි හා නර්තන ප්‍රාථමික සමාජයන් හි දක්නට ලැබේ. ඕස්ටේලියනු "මෙයාරී" ගෝත්‍රිකය්න් අතර චාරිත්රානුකූල නර්තනයක් වශයෙන් පවතින "වයි යුං ආරි" නැටුම පිරිමි දරුවන් වැඩි විය පැමිණීම අරඹයා කරනු ලබන්නකි.

 

                මෙසේ ආරම්භ වූ නර්තනය කාලයාගේ ඇවෑමෙන් ආගමික සම්බන්ධතාවයෙන් බැහැර වූ සමාජ නර්තන ලෙස වැඩෙන්නට විය. පූජාර්තය අතික්රමණය කරමින් විනෝදාර්තය ඉස්මතු වීම හේතු කොටගෙන මෙකී කලාවෙහි බොහෝ වෙනස්කම් සිදු විය.

 

                ගෝත්‍රික සුරක්ෂිත භාවය සඳහා ප්‍රාථමික සමාජවල අත්‍යාවශ්‍ය අංගයක් තිබූ යුද්ධය, නර්තනය හා සම්බන්ධව දැක්වීය. පොලු, කඩු, මුගුරු, දුනු වැනි ආයුධ අත දරා යුද්ධය අනුකරණය කිරීම හා යුද්ධයේ ජය ලබා ගැනීම වැනි සංග්‍රාම අවස්ථා සංකේතවත් කල විට යුද්ධයෙන් නියත ජයක් ලබා ගත හැකි යැයි ඔවුන් විශ්වාස කළහ. යුද්ධයට අධිපති "අතිමානුෂ" බලවේගයන් පිනවීම සදහා ගෝත්රික උත්සවයන්හි දී නර්තන පවත්වනු ලැබී .වසර 5000කට වඩා පැරණි යැයි සැලකෙන ලක්සෝර් (Laxor) කඳුවැටි වල ඇති යුගල නැටුම් විදහා දක්වන චිත්‍ර මෙයට කදිම නිදසුනකි. ස්ත්‍රී පුරුශයන් මුහුණට මුහුණලා හිඳ කරනු ලබන නර්තන විලාශ ඇතුලත් මෙම චිත් කැටයම් ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් ඒවා බව සැලකේ.

 

මානව සංහතියේ සංවර්ධනයත් සමඟ එක් එක් යුග පසු කරමින් විවිද රටවල සංස්කෘතික අනන්‍යතා හිමි කර ගත්තේය. භාරතයේ වෛදික සංස්කෘතියත් බටහිර රටවල කතෝලික පසුබිමත් ශ්‍රී ලංකාවේ පූර්ව-විජයාවතරණ පසුබිමත් සමඟම නර්තනය හා සමාජ සංස්ථාව අතර මනා සම්බන්ධතාවයක ආරම්භය සිදු වී ඇති බව පැහැදිලි . විවිධ යුගවල දී නර්තන කලාව පැවති තත්වයන් අනුව ආගමික සබඳතාව දෙවියන් පිදීම, ලෙඩ රෝග නිවාරණය, සශ්‍රීකත්වය, රාජ්‍ය අනුග්‍රහය සමඟ උත්සව හා රාජ්‍ය උත්සව ආදී අවස්ථා මුන්ල් කොටගෙන පෙර අපර දෙදිග ශිෂිටාචාර තුල නර්තන විකාශණය සිදු වී ඇත. පසුකාලීනව නිර්මාණ සුවිශේෂී අනන්‍යතා ලක්ෂණයන්ගෙන් පිරි නර්තන සම්ප්‍රධායන් ලෙස විකාශය වී ඇත.

 

පෙරදිග රටවලට අදාළ නර්තනයේ විකාශණය පිළිබඳ සාකච්ඡාකිරීමේ දී, වඩාත් ප්රමුඛතාවක් දක්වන රටවල් කීපයක් හඳුනා ගත යුතු . ඉන්දියාව, ඉන්දුනීසියාව, චීනය, ජපානය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් පෙරදිග නර්තන කලාවට ආවේණික වූ සංස්කෘතික අනන්යතාව ප්රදර්ශනය කරන රටවල් අතරින් කිපයකි. පොදුවේ ගත් කල පෙරදිග නර්තනය අපරදිග නර්තනයට වඩා ස්වරූපයෙන් මෙන්ම හැඩයෙන් හා ගතිලක්ෂණයෙන් වෙනස්ව සිටී.

 

                   පුනරුද සමයෙහි ඉතාලියකේන්ද්‍රස්ථාන කොට ගෙන අපරදිග නර්තන කලාව ලෙස බැලේ නර්තන කලාව, ඔපෙරා නර්තන කලාව වැනි අංග බිහි විය. විනෝදාර්ථයම පදනම් කර ගත් මෙම නර්තනයන් ලෝකය පුරා ප්‍රචලිත වීමත් සමඟම කලාව වෘත්තියක් බවටත්, කලාකරුවන් වෘත්තියකයන් පිරිසක් බවටත් පත් විය.ඇමරිකාව වැනි රටවල් කේන්ද්‍ර කොට ගෙන බෝල්රූම්, වොල්ට්ස්, ටැන්ගෝ, ෆොක්ස්ට්රෝට්, කුයික් ස්ටෙප්, සැල්සා, හොප් ආදිය එලෙස බිහි වූ නර්තනයන් .

 

                    සාම්ප්‍රධායික නර්තනයන්ගේ මූල බීජය ආගමික සබඳතාවයකින් යුක්තය.පෙරදිග නර්තනය නියෝජනය කරන ඉන්දියාවේ සාම්ප්‍රධායික නර්තනයන් සියල්ලම හින්දු ආගමික ප්‍රභවයක් මත ගොඩනැඟී ඇති බව පෙනේ. භරතමුනි, නන්දිකේඅහිවර වැනි පඬිවරුන් එකී කලාව හඳුන්වන ලද්දේ දෙවියන්ගේ නිර්මාණයක් ලෙසය.භරත, කථක්, කථකලි,මනිපුරි, කුච්චිපුඩි වැනි නර්තන ක්රම සියල්ලක්ම දේවාලවල රඟ දක්වන ලද නර්තනයන් .

 

                    සමස්ථයක් ලෙස ගත් කල පෙරදිග හා අපරදිග නර්තනය පොදු මානව අවශ්‍යතා මුල් කරගෙන ප්‍රභවය ලබා ඇතප්‍රභවය ලැබීමේ දී එහි මූලික අභිප්‍රේරණය පොදු එකක් වුව , කාලයත් සමඟ එකිනෙක රටෙහි ඇති වූසංස්කෘතික  ව්‍යූහයෙහි වෙනස්කමත්, ඔවුන්ගේ සමාජ අවශ්‍යතා ද පාදක කොට ගනිමින් විවිධ ස්වරූයෙන් වර්ධනය විය.