නර්තන කලාවේ පෝෂණයට චිත්‍ර කලාවේ දායකත්වය
නර්තනය හා චිත්‍ර කලාව ස්වාධීන කලා මාධ්‍යයන් දෙකක් වන අතර එකී කලා මාධ්‍යයන් දෙක අතර සමානතාවන් මෙන්ම විශමතාවන් ද විද්‍යාමාන වේ. නර්තනය සජීවී කලා මාධ්‍යයක් වන අතර ශරීරය හැර අන් කිසිඳු ආධාරකයක් නොමැති වුව ද ඉදිරිපත් කළ හැකිය. එය ප්‍රාසංගික කලාවකි. එමෙන්ම පුද්ගල සමූහයකගේ ඒකරාශීත්වයක් නර්තනය හා බැඳී පවතී. චිත්‍ර කලාව නර්තනය මෙන්ම දෘශ්‍ය කලාවක් වූව ද අජීවි කලා මාධ්‍යයකි. එමෙන්ම තනි පුද්ගල කලා මාධ්‍යයකි.
නර්තනයේ ප්‍රධාන මාධ්‍ය චලනය වන අතර චිත්‍ර කලාවේ මාධ්‍ය වර්ණ, රේඛා, හැඩතල වේ. නර්තනයේ මාධ්‍ය වන චලනය, රිද්මය චිත්‍ර කලාවේ ද දැකිය හැකිය. චිත්‍ර කරුවා රේඛාවක් හසුරවනුයේ වර්ණ පදාස ගලපනුයේ කිසියම් රිද්මයකට අනුවය. සීගිරි චිත්‍රයන්හි කෝමල රේඛා ඊට නිදසුන් වේ.
චිත්‍ර කලාවේ මූලික අංගයන් ලෙස ඇඳීම, ඇඹීම, කැටයම් කැපීම, වර්ණ ගැන්වීම, නෙලීම, රේඛා හැඩතල , මෝස්තර දැක්විය හැකිය. චිත්‍ර ශිල්පියා රේඛා හැඩතල මෝස්තර ඇසුරු කොට විවිධ ශිල්ප ක්‍රම යටතේ ස්වකීය නිර්මාණය ගොඩනඟනු ලැබේ.
චිත්‍ර කලාවේ මූලික අංගයන් නර්තන කලාව හා බැඳෙන අතර නර්තනය ප්‍රාසංගික කලාවක් වන බැවින් කලා මාධ්‍ය රැසක් ආධාර කොට ගනී. චිත්‍ර කලාවේ දැකිය හැකි ඇඳීම්, ඇඹීම්, කැටයම් කැපීම්, වර්ණ ගැන්වීම්, නෙලීම් ආදී ශිල්ප ධර්ම නර්තන කලාවේද විවිධ අවස්ථාවල භාවිත වේ.
ශාන්තිකර්ම ආශ්‍රිත බොහෝ සැරසිලි මෝස්තර හා ප්‍රාසංගික නර්තන වේදිකා සැරසිලි මෝස්තර, චිත්‍ර කලාවේ මූලික අංගයන් ඇසුරු කොට ගනී. එහි දී වීදි සැරසිලි, යහන් සැරසිලි, මඩු සැරසිලි, ගොක් සැරසිලි ආදිය උදාහරණ කොට ගත හැක. ( බිසෝ කප, බලි මඩුව, කංකාරි මඩුව, දෙවොල් තොරණ,සූනියම් වීදිය )
රංග භූමි අලංකරණය චිත්‍ර කලාව සමඟ බැඳී පවතින්නකි. ශාන්තිකර්මයන් හි දී ද ප්‍රාසංගික නර්තනයන්හි දීද රංග භූමි අලංකරණයන් භාවිත වේ. තොරණ, අයිලය, පහන් පැල, වීදි සැරසිලි, වෙස් අත්ත උදාහරණ වේ. රංග භූමි අලංකරණයේ දී දේශීය නර්තනයේ ස්වභාවික අමුද්‍රව්‍යයන් කලාත්මකව මෙහෙයවා රංගභූමි අලංකරණය සිදු කරයි. ආරුක්කු, දොරටු වැනි චිත්‍ර කලාව හා බැඳි රංග භූමි අලංකරණ විදි කීපයකි. දේශීය නර්තනයේ මෙකී දොරටු ආරුක්කු දැකිය හැකිය.
උදා :- පිල්ලු වීදිය, මහසොන් සමයන් වීදිය
රංගභූමි අලංකරණයේ දී පසුතල නිර්මාණ ඇසුරු ගැනේ. පසුතල නිර්මාණයේ දී චිත්‍ර කලාවේ ආභාසය, මෝස්තර හැඩතල, වර්ණ ඇසුරු කර ගන්නා බව දක්නට තිබේ. දේශීය නර්තනයේ තොරණ්, පහන් පැල, සන්නි කූඩුව, වීදිය, පිදේනි තටු ආනිවාර්ය සැරසිලි ලෙස දැක්විය හැකිය.
රංග වස්ත්‍රාභරණ නිර්මාණයේ දී සාම්ප්‍රදායික ඇඳුම් කට්ටලවල සාම්ප්‍රදායික රේඛා හැඩතල මෝස්තර යොදා ගැනේ. පහතරට නර්තන සම්ප්‍රදායේ සහ උඩරට නර්තන සම්ප්‍රදායේ රේඛා සහ හැඩතල සාම්ප්‍රදායික ඇඳුම් කට්ටල සඳහා යොදා ගන්නා අතර සබරගමු සම්ප්‍රදායේ ලියවැල් මෝස්තර ආදිය බහුලව යොදා ගනී. පහතරට සම්ප්‍රදායෙහි ද රංග වස්ත්‍රාභරණ සකස් කිරීමේ දී මෝස්තර යොදා ගනී. එමෙන්ම රංග වස්ත්‍රාභරණ නිර්මාණයේ දී චිත්‍ර කලාවේ භාවිත වර්ණ ගැලපීම් පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරයි. එමෙන්ම චිත්‍ර කලාවේ දී වර්ණයන්ගේ ගුණයන් පිළිබඳ අවධානය යොමු කරන අතර නර්තනයේ දී රංග වස්ත්‍රාභරණ නිර්මාණය කිරීමේ දී වර්ණයන්ගේ ගුණ පිළිබඳ අවධානය යොමු කරයි.
නර්තනයේ දී භාවිත රංග උපකරණ සකස් කිරීමේ දී චිත්‍ර කලාවේ භාවිත ඇඳීම්, කැටයම් කැපීම්, විවීම්, නෙලීම්, ගෙතීම් ආදී ශිල්ප ක්‍රම ඇසුරු කර ගනී. නානුමුරයේ භාවිත රංග භාණ්ඩ, කළු යකාගේ කඩුව, රීරි මුගුර, ඊ ගස මීට නිදසුන් කීපයක් පමණි.
වෙස් ගැන්වීමේ දී චිත්‍ර කලාවේ භාවිත රේඛා, වර්ණ, හැඩතල භාවිත කරයි. එහිදී මුහුණේ විවිධ පදාසයන් රේඛා මඟින් සළකුණු කිරීම් වර්ණ ගැන්වීම සිදු කරයි. දේශීය නර්තනයෙහි භාවිත වෙස් ගැන්වීම්වලද මෙම ශිල්ප ධර්ම ඇසුරු කර ගැනේ. දෙකොණ විලක්කුව නැටීමේ ශී ඇස් යට කළු කිරීම, වඩිග පටුනේ කළු යකාගේ, නානු මුරයේ මුහුණ අංග රචනය කිරීම නිදසුන් කොට දැක්විය හැකිය.
වෙස් මුහුණු නිර්මාණයේ දී චිත්‍ර කලාවේ භාවිත කැටයම් කැපීම්, නෙලීම, වර්ණ ගැන්වීම් සිදු කරනු ලබයි. කදුරු, රුක් අත්තන ලී ආදියෙන් වෙස් මුහුණු නෙලනු ලබන අතර එහි ඔටුනු, ජටා ආදී කැටයම් මෙන්ම විවිධ භාවයන් මතු වන ලෙස වර්ණ ගැන්වීම් සිදු කරයි.
බලි ඇඳීමේ හා ඇඹීමේ දී චිත්‍ර කලාවේ භාවිත මූලික සිද්ධාන්ත ගැඹුරින් ඇසුරු කර ගන්නා සේම බලි වර්ණ ගැන්වීමේ දී චිත්‍ර කලාවේ භාවිත ශිල්ප ක්‍රම යොදා ගන්නා ආකාරය දක්නට තිබේ.
රංග රචනය හා චිත්‍ර සම්පීඩනය අතර ඇති සහසම්බන්ධතාවය
චිත්‍ර කලාව හා නර්තන කලාව මාධ්‍යයන් දෙකක් වූව ද මෙම මාධ්‍යයන් දෙකෙහිම අවකාශ භාවිතය දැකිය හැකිය. චිත්‍ර කලාවේ වර්ණ රේඛා හැඩතල ද්‍රව්‍ය වස්තු සම්පීඩනය කොට කිසියම් පැතලි තලයක් මත ගොඩනඟනු ලබයි. නර්තන කලාවෙහි දී චලනය ඇසුරු කොටගෙන සහසම්බන්ධතාවය යොදාගනිමින් රංග රටා මෝස්තර යොදාගනිමින් අවකාශ සපුරා ගනු ලැබේ. මේ අනුව මෙම කලා මාධ්‍යයන් දෙකෙහිම අවකාශය භාවිතය දැකිය හැකිය.
චිත්‍ර කලාවේ දී අවකාශය තුල වස්තු හැඩතල වර්ණ යෙදීම තුලින් සෞන්දර්ය මතු කරනු ලැබේ. නර්තන කලාවේ දී අවකාශය සමබර කරගැනීම සඳහා ජ්‍යාමිතික හැඩතල යොදා ගැනේ. එමෙන්ම මෝස්තර නිර්මාණයේ දී නර්තන ශිල්පීන් අතර සමබරතාවය අතිශයින්ම වැදගත් වේ. චිත්‍ර ශිල්පියා සමබර ලෙස තම සුරත යොදාගනිමින් සිය පැන්සල හා පින්සල භාවිත කරන්නා සේ නර්තන ශිල්පියා නර්තනයේ දී සිය අංග ප්‍රත්‍යාංග උපාංගයන් සමබර ලෙස හසුරවා ගනී.
චිත්‍ර කලාවේ දී ද රිද්ම රටා හා මෝස්තර ඇසුරු කර ගනී. චිත්‍ර ශිල්පියා සිය තෙලි තුඩ හසුරවා ගන්නේ කිසියම් රිද්මයක්ට අනුවය. වර්ණ රේඛා හැඩතල පිහිටනුයේ කිසියම් රිද්මයකට අනුවය. නර්තන ශිල්පියා නර්තනයේ දී සිය ශරීරාංග රිද්මයානුකූලව චලනය කරනු ලැබේ. එමෙන්ම නර්තනයේ දී භාවිත රංග වස්ත්‍රාභරණ සැරසිලි ආදියෙහි ද රිද්මය හඳුනා ගත හැකිය. නර්තන වින්‍යාසයෙහි දී අවකාශය ජයගැනීම සඳහා රටා හා මෝස්තර යොදාගනිමින් නර්තනයේ විචිත්‍රත්වය මතු කරනු ලැබේ.
දිසා හා තල යොදාගෙන නර්තනයේ දී සහසම්බන්ධතාවය ගොඩනඟා ගනු ලැබේ. නර්තනයේ දැකිය හැකි සහසම්බන්ධතා ගණනාවකි.
1. නර්තකයා - නර්තකයා අතර සහසම්බන්ධතාවය
2. නර්තකයා - අවකාශය අතර සහසම්බන්ධතාවය
3. නර්තකයා - සමූහයා අතර සහසම්බන්ධතාවය
4. සමූහයා - සමූහයා අතර සහසම්බන්ධතාවය
5. සමූහයා - සමූහයා අතර සහසම්බන්ධතාවය
නිදසුන් ලෙස දැක්විය හැකිය.
චිත්‍ර කලාවේ දී චිත්‍ර ශිල්පියා චිත්‍රයක් ගොඩ නැඟීමේ දී විවිධ හැඩතල ඇසුරු කරගනී. නර්තනයේ දී නර්තකයා විසින් ශරීරයෙන් විවිධ හැඩතල මවන අතර නර්තනයේ යෙදෙන සමූහයා විසින් වේදිකා අවකාශ තුළ විවිධ හැඩතල මවනු ලැබේ. දෙපේළිය, කතිරය, අඩ කවය, රවුම, එවැනි හැඩතල කීපයකි.
මේ අනුව නර්තන රචනය හා චිත්‍ර සම්පීඩනය අතර පැහැදිලි සමානතා ලක්ෂණ තිබෙන බව පැහැදිලි වේ.
Great😍😍
ReplyDeleteGood job
ReplyDeleteExcellent
ReplyDelete